රටින් රටට මුවාවී හිටිය කුඩු කෙල්ලට ලංකා ගුවන්තොටෙන් පාර වැරදුන හැටි!

ජාත්‍යන්තර පොලීසියේ වරෙන්තු ලබා සිටි, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වන බ්‍රසීල ජාතික තරුණියක, කටුනායක ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ඊයේ (9) පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන බ්‍රසීලයට පිටුවහල් කළ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරින්  පව්සනාවා

මෙසේ අත්අඩංගුවට ගෙන පිටුවහල් කර ඇත්තේ කැරොලයින් අරවුජෝ ද සිල්වා  නමැති 23 හැවිරිදි තරුණියකි.  බ්‍රස්සිල රජය මගින් අත්අඩංගුවට ගැනීමට සැරසෙන විට තායිලන්තයට පැන ගොස් සිටි ඇය අත්අඩංගුවට ගැනීම සඳහා බ්‍රසීල රජය ජතුඅන්තර පොලීසියේ සහාය පතා තිබිණි.

ඒ අනුව ඇය අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය විසින්  රතු වරෙන්තු නිත්වේදන නිකුත් කරනු ලැබූ අතර ඇයගේ තායිලන්ත වීසා කාලය නිමා වීම හේතුවෙන්, ඇය මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ ඇත. තමා අත්අඩංගුවට ගැනීම සඳහා  ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදන නිකුත් කර ඇති බව ඇය දැන සිට ඇතත්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පොලීසිය සමග සම්බන්ධතා පවත්වන බව නොදැන ඇය  ලංකාවට ඇතුළුවීමට පැමිණ ඇතැයි වාර්තා වේ.

ඇය සිය ආගමන නිෂ්කාශන කටයුතු කරගැනීම සඳහා ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ආගමන නිලධාරි කවුළුව  වෙත ලබාදුන් ගුවන් ගමන් බලපත්‍රය  සහ ලංකාවේ වීසා සඳහා අවශ්‍යවන ලියකියවිලි, දේශසීමා තොරතුරු පද්ධතිය සමග පරීක්ෂා කළ ආගමන විගමන නිලධාරිවරයා, මෙම තරුණිය  ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු නිවේදනයක  නිකුත් කර ඇති තැනැත්තියක් බව  අනාවරණය කරන්ගෙන ඇත. ඉන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇය කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රාජකාරි කළ ප්රවධාන ආගමන විගමන නිලධාරිවරයා වෙත යොමු කළ බවත්, ඇය තායිලන්තයේ දිගු කලක සිට ජාත්යරන්තර පොලීසියට හසු  නොවන පරිදි වෙනත් රටකට ඇතුළුවීමට සැලසුම් කර ඇති බව එහිදී අනාවරණය වූ බවත් ආගමන විගමන නිලධාරීහු පවසති.

ජාත්‍යන්තර  ගුවන් සේවා නීතිය අනුව ඇය පැමිණි ගුවන් යානයෙන්ම තායිලන්තයට පිටුවහල් කළ යුතු වුවත්,  ජාත්‍යන්තර  පොලීසියේ රතු වරෙත්තුකාරිනියක වූ බැවින් ගුවන් ප්‍රවේශපත්‍ර සකස් කර කටාර් ගුවන් සේවයේ  ආර්- 665 දරන ගුවන් යානයෙන් ඊයේ (9) පෙරවරු 10.20 ට දෝහා ඔස්සේ බ්‍රසීලයට පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්  පියවර ගත්තා.

 854 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply