“සොල්දාදුවන් පෙරගමන් කරුවා කරගත් සමාජයක් කවදාවත් දියුණු වෙලා නෑ”

රටක පෙරගමන්කරුවන් විය යුත්තේ උගතුන්, විද්වතුන් බවත් ඒ වෙනුවට සොල්දාදුවන් රටේ පෙරගමන්කරුවන් කරගත් සමාජයක් කිසිදිනෙක දියුණු වී නොමැති බවත් හිටපු හමුදාපති, ජනරාල් දයා රත්නායක මහතා පවසයි. 

“දැන උගත් සමාජය සම්බන්ධ වෙලා, ඇකඩමික් සමාජය සම්බන්ධ වෙලා, විද්වතුන් සම්බන්ධ වෙලා මේ සමාජයක පෙරගමන්කරුවා වෙන්නට ඕනෙ ඒ අය. ඒ අය පෙරගමන්කරුවා නොවී සිටීම තුළ තමයි සොල්දාදුවා පෙරගමන්කරුවා කරලා යුද්ධ කරන්නෙ. සොල්දාදුවා පෙරගමන්කරුවා කරන සමාජයක් කවදාවත් දියුණුවෙලා නැහැ. සොල්දාදුවො පාලනය කරන රටවල්, හමුදා පාලනය තියන රටවල් ලෝකෙ කිසිතැනක දියුණු වෙලා නෑ. එනිසා ඒ ඒ කට්ටියට කරන්න පුළුවන් වෙන වැඩ තියෙනවා, නමුත් මේ වගේ දේවල් නෙවෙයි” 

හිටපු හමුදාපතිවරයා මේ බව පැවසුවේ පසුගිය 03 වනදා කොළඹදී පැවති උත්සවයක් අමතමිනි. 

 428 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply