සජබ මන්ත්‍රීවරු මැතිසබය අදත් වර්ජනය කරති!

පාර්ලිමේන්තු රැස්වීම අද තෙවැනි දිනයටත් වර්ජනය කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

තම මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන් හිරිහැර සිදු වන බවටත් මැතිසබයේ භාෂණයේ නිදහස අහිමි කර ඇති බවටත් චෝදනා කරමින් එම මන්ත්‍රීවරු ඊයේ සහ පසුගිය සෙනසුරාදා දිනවලද මැතිසබය වර්ජනය කළහ.

මේ සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට ඊයේ විරෝධතා ව්‍යාපාරයක්ද පැවැත්වූහ

 487 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply