ප්‍රියන්ත කුමාර ඝාතනය සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන් පැවැත්වූ වි‌ශේෂ රැස්වීමකදී පැවසූ දේ!

පකිස්ථානයේ සියල්කොට්හිදී ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතා අමානුෂික ලෙස වධ හිංසා පමුණුවා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පකිස්ථාන  අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද විශේෂ රැස්වීමක් පවත්වා තිබේ.

පකිස්ථාන මාධ්‍ය වාර්තා කළේ, මෙම විශේෂ රැස්වීමට නීති විශාරදයින් සහ ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරීන් සහභාගි වූ බව ය.

මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ, මෙම සිද්ධිය හේතුවෙන් පකිස්ථානයේ අනන්‍යතාවට හානි සිදුවූ බව ය.

“මේ සිද්ධිය නිසා පකිස්ථාන ජාතිය ම නින්දාවට පත් වුණා. සිද්ධියට සම්බන්ධ කිසි ම කෙනෙකුට සමාවක් ලැබෙන්නේ නැහැ. ඔවුන්ට ඉහළ ම දඬුවම් පැනවිය යුතු යි,” අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසා තිබේ.

ඔහු එහිදී නීතිඥයින්ට උපදෙස් දී ඇත්තේ, සම්පූර්ණයෙන් දැඩි සූදානමකින් අධිකරණය වෙත ගොස් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලු කරුණු අධිකරණය වෙත ලබා දෙන ලෙස ය.

 1,007 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply