කොරෝනා තත්වයන් සම්බන්ධයෙන් ජනතාවට සත්‍ය පැවසූ නිසා ආණ්ඩුව විසින් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාව දඩයම් කළ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න චෝදනා කරයි. 

ඊයේ (08) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ මලෛසිනි.. 

“මම පත්කරපු වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂතුමාව දැන් අයින් කරලා තියෙනවා. නමුත් ඒ අධ්‍යක්ෂ තුමා තනිකරම මහින්ද රාජපක්ෂත් එක්ක, රටේ අග්‍රාමාත්‍ය තුමාත් එක්ක තමයි දේශපාලනයේ හිටියේ. එතුමාත් එක්ක පුද්ගලිකවම හොඳයි. 

මං හිතන්නෙ එතුමාගේ හොඳ කවුරුහරි දැක්කා නම් මම ඔහුව ගත්තා. ජයරුවන්ට පොඩි ප්‍රශ්නයක් තිබුණා, ඔහුට විධායක ශ්‍රේණියේ සුදුසුකම් තිබුණෙ නෑ. ඒක හින්දා තමයි මම ඔහුව වැඩබලන අධ්‍යක්ෂ වරයා වශයෙන් පත්කළේ. එහෙම පත්කළේ මොකද, එම්. ආර්. අයි. එකේ ඉතාමත්ම දුර්වල තත්වයක් තිබුණේ ඒක දියුණු කරන්න. ඔහු හොඳට දියුණු කළා. 

ඔහු හැබැයි වෛද්‍යවරයෙක් විදියට ප්‍රකාශ නිකුත් කළා. ඔහු එහෙම ප්‍රකාශ කරත් ආණ්ඩුව පෙන්නුවෙ ඔක්කොම කොරෝනා ඉවරයි දැන් කියලා. පී.සී.ආර්. ටෙස්ට් වලට තිබුණු ටෙන්ඩර් පවා ආණ්ඩුව කැන්සල් කළා. අද ඒ රජයෙන්ම ඔහුව දඩයම් කරලා තිබෙනවා. දැන් මං අහනවා GMOA එක දැන් මොකද කියන්නෙ ?”

රාජිත සේනාරත්න මහතා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here