ශ්‍රී ලාංකික සුපිරි නිළිය ගුවන්තොටේ රඳවා ගනී!

ශ්‍රී ලාංකික සුපිරි නිළියකට ඉන්දීය ගුවන්තොටුපොළකදී අකරතැබ්බකට මුහුණදී තිබේ.

මේ වනවිට බොලිවුඩ් තිරයේ සුපිරි තාරකාවක් බවට පත්ව සිටින ජැකලීන් ෆර්ඩිනැන්ඩස් එම අකරතැබ්බයට මුහුණ දුන්නේ ඉන්දියාවේ මුම්බායි ගුවන්තොටුපොළේ දීය.

ඇය මේ වනවිට ඉන්දියාවේ ජීවත්වන අතර ඇය ඊයේ ඩුබායි බලා යෑමට ගුවන්තොටුපොළ ට පැමිණි අවස්ථාවේදී ආගමන විගමන නිලධාරීන් විසින් ඇයව රඳවාගෙන තිබුණි.

ඒ එරට “බලාත්මක කිරීමේ ඒකකය” නිකුත්කර තිබූ නිවේදනයක් හේතුවෙනි.

පසුව ඇයව නිවෙසට යවා තිබුණි.

ඇයට එරෙහිව එම නිවේදනය නිකුත්කර ඇත්තේ “බලාත්මක කිරීමේ ඒකකය” විසින් සිදුකරන පරීක්ෂණයක් සඳහා ප්‍රකාශ ලබාදීමට ඇය එහි නොයෑම හේතුවෙනි.

සුකේෂ් චන්ද්‍රශේකර් නමැති පුද්ගලයාට එරෙහිව ඉන්දීය පොලිසිය විසින් සිදුකරනු ලබන පරීක්ෂණ සම්බන්ධයෙන් ඇය ගෙන් ප්‍රශ්න කර තිබේ.

එම පුද්ගලයාගෙන් විවධ දේ තෑගී වශයෙන් ඇයට ලැබී ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සුකේෂ් චන්ද්‍රශේකර් වංචාකාරයෙක් ලෙස ඉන්දීය බලධාරීන් විසින් සලකයි.

 1,639 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply