බදුර්දීන්ගේ සොහොයුරෙකු මාර්ගයෙන් සහරාන් ඉන්දියාවට පැන ගිය හැටි හෙළ වෙයි

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයකු මාර්ගයෙන් සහරාන් හෂීම් ඉන්දියාවට පැන ගිය බව යුද හමුදා බුද්ධි අංශ අනාවරණය කළේ යැයි හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පෙරේදා (7 පාස්කු කොමිසම හමුවේ කියා සිටියා .

බුද්ධි අංශ අතර තිබූ තරගකාරීත්වය හේතුවෙන් ඉස්ලාම් අන්තවාදීන් සහ අයි එස් අයි එස් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු බෙදා නොගැනීම නිසා මෙම කොමිසම හමුවේ සාක්ෂි දීමට සිදු වූ බවද හෙතෙම කීවේය.

ප්‍රහාරයෙන් දින දෙක තුනකට පසු තව ත්‍රස්තවාදීන් 35ක් පමණ හමුදාව මඟින් අත්අඩංගුවට ගත් බව කියා සිටි ඒ මහතා, අප ළඟ ඔවුන්ගේ තොරතුරු තිබුණා ඒ නිසයි අත්අඩංගුවට ගන්න හැකි වුණේ. ඔවුන් තාමත් ඉන්නේ අත්අඩංගුවේ.

මේ තොරතුරු එදා සැලකිල්ලට ගත්තා නම් මෙම ප්‍රහාරය වළක්වාගැනීමට තිබූණා යැයි ද කියා සිටියේය.

මහේෂ් සේනානායක මහතා මෙම කරුණු කියා සිටියේ වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ ඩුබායි රාජ්‍යයේ සිට පළමු වරට කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමිනි.

මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට යුද හමුදා කණ්ඩායමක් ගම්පොළ පොලීසියට ගිය බවත්, එහි සිටි පොලිස් කණ්ඩායම යුද හමුදා කණ්ඩායම පලවා හැරීමක් කළ බවත් කීවේය.

යුද හමුදාව සතුව විශාල බුද්ධි ජාලයක් තිබුණා. අප දෙන තොරතුරු රාජ්‍ය බුද්ධි අංශ ලබා ගත්තත් සිදු කරන පරීක්ෂණ සඳහා අපේ සහාය ගත්තේ නැහැ. අප අපේ තොරතුරු ජාතික බුද්ධි ප්‍රධානියාට පොලිස්පතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට යොමු කළා. ජාතික බුද්ධි ප්‍රධානියා තමයි මේ සියල්ල සම්බන්ධීකරණය කරන්නේ. ඔහුට බලතල තිබුණා ද කියන සැකය තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, රාජ්‍ය බුද්ධි අංශය අප සමඟ සම්බන්ධ වුණේ නැහැ.

පාස්කු ප්‍රහාරයට වසරකට පමණ පෙර රැස්වීම්වලදී සහරාන් අත්අඩංගුවට ගන්න කිව්වා. වාර්තා සිය ගණන් යොමු කළා. කිසිවක් සිදු වුයේ නැහැ. අපට අත්අඩංගුවට ගන්න බලය නැහැ. බලය තිබෙන ආයතන නිසි ලෙස ක්‍රියාත්මකවුණේ නෑ.

ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, පූජිත් ජයසුන්දර , අපරාධ පරීක්ෂර්තමේන්තුවේ, රාජ්‍ය බුද්ධි සේවයේ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරුන් වන රවී සෙනෙවිරත්න, නාලක සිල්වා, වරුණ ජයසුන්දර සහ නිලන්ත ජයවර්ධන යන මහත්වරුන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළේ නැහැ. ලබා දුන් තොරතුරු සම්බන්ධයෙන් පුමුඛත්වයක් ලබා නොදුන් නිසා ප්‍රහාරය සිදු වූ බව තමා විශ්වාස කරන බවද ඒ මහතා කියා සිටියේය.

රජයේ අධිනීතිඥවරයකු ස්කයිප් තාක්ෂණය ඔස්සේ යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

 1,072 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply