පකිස්ථානයේදී ඝාතනයට ලක්වුණු ප්‍රියන්ත කුමාරගේ සරසවි සගයෙකු කියන කතාව!

පකිස්ථාන ඉස්ලාම් අන්තවාදීන් විසින් ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවරයෙකු වන ප්‍රියන්ත කුමාර දියවඩන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය දැඩි ලෙස හෙලා දකින බව ලංවිම හිටපු සභාපති, පොදුජන ඉන්ජිනේරු පෙරමුණේ සභාපති විජිත හේරත් මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ප්‍රියන්ත කුමාර මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ තමන්ගේ සමකාලීනයෙකු බව ය.

“1995 සිට මම ඔහුව ඉතා හොඳ අවංක මහත්මයෙකු ලෙස හොඳින් හඳුනනවා. ඔහු සෑම කෙනෙකුට ම එක හා සමානව හා ගෞරවයෙන් සලකන ඉතා විනීත, අහිංසක පුද්ගලයෙක්.”

ප්‍රියන්ත කුමාර මහතා පසුගිය වසර 10 පුරාවට ම සාමාන්‍යාධිකාරීවරයා ලෙස එම පකිස්ථාන සමාගමෙහි ම ඉතා අවංකව සේවය කර ඇති අතර එම සමාගම සාමාන්‍ය සමාගමක සිට මහා පරිමාණ සමාගමක් දක්වා දියුණු කිරීමේ ප්‍රධාන පුද්ගලයෙක් වූ බව ද විජිත හේරත් මහතා සඳහන් කළේ ය.

“මේ සිදුවීම අපිට වඩා ත් මිත්‍රශීලී රටක සිදුවීම ඉතා ම කණගාටුදායකයි. පුද්ගලිකව මම ඉතා මෘදු සහ සෘජු ඉදිරිගාමී පකිස්ථාන වෘත්තිකයන් සහ මිතුරන් කිහිප දෙනෙකු සමග වැඩ කරලා තිබෙනවා. නමුත් මේ වගේ ආගමික ම්ලේච්ඡත්වයට අපිට කට පියාගෙන ඉන්න බැහැ.”

විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ, ගනේමුල්ලේ පිහිටි ප්‍රියන්ත කුමාර මහතාගේ නිවස වෙත තමන් ගොඩ වැදුණු බව ය.

ප්‍රියන්ත මහතාට වයස අවුරුදු 9ක සහ 14ක පුතුන් දෙදෙනකු සිටින බව ත් ඔහු සිය පවුලට වඩාත් හොඳ ජීවිතයක් ලබා දීම සඳහා ජීවිතය කැප කළ වගකීම්සහගත පියෙකු බව ත් ඔහු පැවසීය.

විජිත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, වෘත්තිකයන් සහ ශ්‍රී ලාංකිකයන් වශයෙන් ප්‍රියන්ත කුමාර මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට සාධාරණයක් ඉල්ලා සිටින අතර සෑම ආකාරයක ම ආගමික අන්තවාදය අතුගා දැමීමට ක්‍රියාකළ යුතු බව ය.

 1,317 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply