“කොරෝනා වෛරසය” – ඊයේ ආසාදිතයින් 740ක් සහ මරණ 21ක්!

ඊයේ (දෙසැ. 4) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 740 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

කොවිඩ් රෝගීන් 10,486 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලබා රෝහල්වලින් පිටවූ පුද්ගලයින් සංඛ්‍යාව 542,010කි.

මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 566,936කි.

මේ අතර, මෙරටින් තවත් කොවිඩ් මරණ 21ක් ඊයේ (දෙසැ. 4) වාර්තා විය.

අවුරුදු 30-60 අතර පුද්ගලයින් 11 දෙනෙකු සහ වයස අවුරුදු 6 සහ ඊට වැඩි පුද්ගලයින් 15 දෙනෙකු මිය ගිය පිරිස අතර වෙති.

මෙම පිරිස අතර කාන්තාවන් 4 දෙදෙනෙකු සහ පුරුෂයින් 17 දෙනෙක් වෙති.

ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 14,440ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 562 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply