කින්නියා පාලම් පාරුව පෙරළී මියගිය ගණන ඉහළට!

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, කින්නියා, කුරුඤ්ඤංකේනි කලපුවේ පසුගිය නොවැම්බර් 23 උදෑසන පාලම් පාරුවක් පෙරළීමේ සිද්ධියේ තවත් කාන්තාවක් ඊයේ (දෙසැ. 4) ජීවිතක්ෂයට පත්ව ඇතැයි කින්නියා පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ, කින්නියා මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 41ක කාන්තාවක් මෙලෙස මිය ගොස් ඇති බව ය.

ඒ අනුව, කින්නියා පාලම් පාරු අනතුරින් මිය ගිය සංඛ්‍යාව 8ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නොවැ. 28 වන දා මෙම සිද්ධියට අදාළව ත්‍රිකුණාමලය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 6ක දැරියක් මිය ගොස් තිබිණි.

එමෙන් ම එම පාරුව පෙරළී එදින ම  පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් තිබිණි.

මිය ගිය පිරිස අතර වයස අවුරුදු 70ක පිරිමි පුද්ගලයෙකු, වයස අවුරුදු 30ක කාන්තාවක, ඇයගේ අවුරුදු 6ක පුතෙකු සහ අවුරුදු 3 1/2ක දියණියක ද විය.

එමෙන් ම, එක ම පවුලක වැඩිමහල් සහෝදරිය සහ බාල සහෝදරිය මිය ගිය පිරිස අතර වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

 401 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply