සෞභාග්‍ය කෙසේ වෙතත් රට පිපිරීම්ලන්තයක් වෙලා!

අද රට වෙන්දේසිලන්තයක් සහ කොමිස්ලන්තයක් වෙලා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය.

අපේ රට සෞභාග්‍යයේලන්තය කරන්නට පැමිණි ආණ්ඩුව මෙරට වෙන්දේසිලන්තයක් කළ බවත් අනතුරුව පෝලිම්ලන්තයක් සහ කොමිස්ලන්තයක් කොට අද වනවිට පිපිරීම්ලන්තයක් බවට පත්කොට ඇති බව විපක්ෂ නායකවරයා පැවැසීය.

‘නගරයෙන් නගරයට ගමින් ගමට ‍ෙදාරින් ‍ෙදාරට’ හම්බන්තොට, තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර, රණවරනාවේදී පැවැති වැඩසටහනේදී විපක්ෂ නායකවරයා මෙසේ කීය.

ප්‍රදේශවාසී ජනතාව මුහුණදෙන ගැටලු පිළිබඳව විපක්ෂ නායකවරයා එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

අද වනවිට තරුණයන්ට රැකියා අහිමි වී ඇති බවත් ජනතාවට ජීවනෝපාය අහිමි වී ඇති බවත් සමස්ත ජනතාවම කබලෙන් ළිපට වැටී ඇති බවත් ඔහු පැවැසීය.

සුරක්ෂිතව ගෑස් ටික ලබාදෙන්නට බැරි ආණ්ඩුවක් රටක් පාලනය කරන්නේ කෙසේදැයි විපක්ෂ නායකවරයා එහිදී ප්‍රශ්න කළේය.

 532 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply