“මනුෂට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්න” – මන්ත්‍රීවරුන් අත්සන් කළ ලිපියක් කථානායකට!

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 38 දෙනෙකුගේ අත්සනින් යුක්තව කථානායකවරයාට ලිපියක් යොමුකර තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට එරෙහිව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකොට ගත හැකි උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් ය. 

අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ මනූෂ නානායක්කාර සිය ආසනයෙන් නැගිට ප්‍රවේගකාරී අයුරින් මූලාසනය වෙත පැමිණ තර්ජනාත්මක ආකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් එලෙස කටයුතු කරන ලෙසය.

ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂ පිළිබඳ ඊයේ පැවැති පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ විවාදය අතරතුර පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් අතර මෙම නොසන්සුන් තත්ත්වය ඇති වී තිබුණි.

ඒ කාලය පිළිබඳ ප්‍රශ්නයක් හේතුවෙනි.

මන්ත්‍රීවරුන් කතානායකවරයාට යොමු කල ලිපිය පහතින්…

 822 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply