අන්තවාදයේ බියකරු බව ලොවටම පෙන්වමින් “ලංකාවේ කළමනාකරුවෙක් පකිස්ථානයේදී මරා ප්‍රසිද්ධියේ පුළුස්සයි”

පාකිස්ථානයේ සියල්කොට් නුවර වසීරාබාද් හි පෞද්ගලික කම්හල් රැසක අපනයන කළමනාකරු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙකු එම කම්හල් සේවකයන් විසින් පහර දී ඝාතනය කර තිබෙනවා. ඔහුගේ සිරුර පුළුස්සා ඇති බවයි සියල්කොට් දිස්ත්‍රික් පොලිස් නිලධාරි උමාර් මලික් පාකිස්ථාන ඩෝන් පුවත් වෙබ් අඩවියට සඳහන් කර ඇත්තේ.

එහි තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසක් රොක්වී සිටින අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවලට එක්කර තිබුණා. සියල්කොට් ඇතුළත් පාකිස්ථාන පන්ජාබ් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය හුස්මා න් බුස්ඩාර් ප්‍රකාශ කළේ මෙය ඉතා ඛේදනීය සිද්ධියක් බවයි.

එහිදී නීතිය අතට ගත් පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර ගත යුතු බව ද ඔහු අවධාරණය කළා. ඒ පිළිබඳ දැඩි විමර්ශනයක් ආරම්භ කර ඇති බව පන්ජාබ් පොලිස්පතිවරයා සඳහන් කළා.

මේ සිදුවීමත් සමඟ අපසුගිය කාලයේ අපේ රටේද මුස්ලිම් අන්තවාදීන් හැසිරුණු අකාරය මතකයට නැගෙන අතර ඊනියා සංහිඳියාවටමුවාවී පාස්කු ප්‍රහාරය දක්වා එම අන්තවාදයට ඔඩු දුවන්නට ඉඩ හැර පසුගිය රජය කටයුතු කල අකාරයද අපට අමතක නැත.

සහරාන්ලා ඇතුළු පිරිස විවිධ අන්තවාදී මතවාද දරමින් විවිධ සංවිධාන පිහිටුවා ගනිමින් මෙවැනි කලහකාරී සිදුවීම් කරමින් හැසිරුණු හැටිත් නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන ඩෝසර් කරමින් හා ස්වාමීන් වහන්සේලාට පහරදෙමින් හැසිරුණු හැටිත් අපට හොඳින් මතකය.

කෙසේ වෙතත් වත්මන් රජය පත්වූ පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් අන්තවාදී කටයුතු සඳහා තිත තබන්නට බුද්ධි අංශ හා ආරක්ෂක අංශ වලට උපදෙස් ලබාදී කටයුතු කෙරුණු අතර ඒ තත්වය ඉදිරියටත් පවත්වා ගැනීම සහ පකිස්ථානයේ තත්වය මෙරට ඇති නොවීමට බුද්ධිමත්ව කටයුතු කිරීම පුරවැසියන් ලෙස අප සැම සතු වගකීමකි.  

සමාජ ජාල මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වන අදාළ සිදුවීමේ වීඩියෝවක් පහතින්…

 1,460 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply