සුශාන්ත් කිව්ව ගමන් දැන් හැමෝම දන්නව වුණත් මම සුශාන්ත්ව නමින් දන්නෙ එයා මැරුණට පස්සෙ.ඊට කලින් මම එයාව දැනගෙන හිටියෙ “මේ තෙර බෝයි ෆ්‍රෙන්ඩ්” සින්දුවේ නටන නලුව විදියට.මැරුණෙ කවුද කියල අහද්දිත් මට ඒ පණිවිඩේ කියපු කෙනා මට එයාව මතක් කරල දුන්නෙ ඒ සින්දුවෙන්.බෙල්ල වැලදාන් මැරිලනම් “අයියෝ ඒ මිනිස්සුන්ට මොනව අඩු වෙලාද” කියන තැන ඉදන් මම ඒ මරණෙ දිහා බැලුවෙ.(මට දෙයක් නැති වුණාම මම කැන්සර් හොස්පිටල් එකට ගිහින් ලෙඩ්ඩු එක්ක කතාබහ කරල,නැත්නම් මම NIMH (අංගොඩ මානසික රෝහලේ) වැඩ කරපු කාලෙ අත්දැකීම් මතක් කරල හිත හදාගන්න කෙනෙක්)ඉතින් මට ඒ වෙලාවෙ සුශාන්ත්ව පෙනුනෙ තේරුමක් නැතුව ජීවිතේ ගෙවපු මනුස්සයෙක් වගේ.

දවසක් දෙකක් ගෙවෙන්නැති.මම ඉස්සර වෙලාම දකිනව ක්‍රිති ශැනන් අප්ලෝඩ් කරපු පොඩි විඩියෝ එකක්.ඒකෙ තිබුණෙ ක්‍රිතී කොට ඇදුමක් ඇදන් ඇවිත් එතන ඉස්සරහ තිබුණ කැමරා නිසා වාඩිවෙන්න අපහසුතාවෙන් ඉන්න එකක්.සුශාන්ත් නැගිටල ඇවිත් ඇය වාඩිවෙනකම් ඒ කැමරා වලින් ඇයව ආවරණය කරනව.එතනයි මම සුශාන්ත් ගැන හොයන්න පොළඹවපු තැන.පොදුවෙ ඒ සිද්දිය දිහා බැලුවම අපේ එකෙක් ඔතන හිටියනම් එක්කො බනියි කොට එකක් ඇදන් ආවෙ මොකටද කියල නැත්නම් ඌ කැමරාකරයොන්ට හපන් විදියට අපි වාඩිවෙන දිහා බලන් ඉදියි.මම සුශාන්ත්ට වශී වුණ තැන තමයි එයා ගෑණු කෙනෙක්ට දක්වපු ගෞරවය. එතන ඉදන් මම කල්පනා කලේ මෙහෙම කෙනෙක් ඇයි සියදිවි නසාගන්නෙ කියල.ටික දවසකට පස්සෙ සමාජ මාධ්‍ය ඇතුලෙ වයිරල් වෙනව කරන්,ආලිය,සල්මන්,අනිල් කපූර්ගෙ දුව (හූ ඉස් ශී?අයි ඩෝන්ට් නෝ ) මහේශ් බට් කියන මෝඩ රැළ සුශාන්ත්ව මානසිකව වට්ටවන්න ප්ලෑන් කරල කරපු දේවල්.එහෙමත් එකක්ද කියල දවසක් දෙකක් බලන් ඉද්දි මෙන්න ඉන්දියාවෙන් භාගයක් විතර ලයිව් ඇවිත් කියනව මේක මිනීමැරුමක් කියල.

බෙල්ලෙ තිබුණ මාක් එක බෙල්ට් මාක් එකක් වගේ.එයා බෙල්ල වැලදාගත්තනම් බෙල්ල මැදින් එහෙම පාරක් තියෙන්න විදියක් නෑ කියන දේ මට මුලින්ම හිතුන. (ඒක එහෙම වෙනවද කියල බලන්න මම බෙල්ල වැලදාගත්ත එක විතරයි නොකලෙ) අද වෙද්දි මේ සිද්දිය සුරාජ් පංචෝලි පැත්තට හැරිල තියන බව ගොඩක් අය දන්නව.සුශාන්ත්ගෙ කළමණාකාරවරිය වන දිශා එක්ක සුරාජ් පංචෝලි පවත්වාගෙන ගිය ප්‍රේම සබදතාවයෙ ප්‍රතිපලයක් විදියට දිශා ගැබ්ගැනීමෙන් පස්සෙ දිශාව සුරාජ් මැරුව ඒක දන්න නිසා ඒකට විරුද්ධව කතා කළ නිසා සුරාජ් සල්මන් එක්ක එකතුවෙලා සුශාන්ත්ව මැරුව කියන උපකල්පනේ තමා ඉන්දියාවෙ ගොඩක් දෙනා වර්ථමානය වෙද්දි පිළිගන්නෙ.

කොහොම වුණත් ඉන්දියාව නැති කරගත්තෙ දුර්ලභ ගණයෙ දියමන්තියක් වගේ කෙනෙක්.මම සුශාන්ත්ව දකින්නෙ රියල් ඕල්රවුන්ඩර් කෙනෙක් විදියට.

ඒකට හේතු

  • ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් ලියපු ඉන්දියන් ඉන්ජිනේරින් එක්සෑම් එකෙන් මුලු ඉන්දියාවෙන්ම 7 වෙනිය වීම
  • ඕල් ඉන්දියා ෆ්‍රිසික්ස් ඔලිම්පියාඩ් තරගයෙන් රන් පදක්කම් ලාභියෙක් වීම.
  • තාරකා විද්‍යාව පිළිබදව ඔහු සතු දැනුම
  • නර්තනය සදහා ඇති හැකියව
  • නිරූපණය ක්ෂේත්‍රය සදහා ඇති හැකියාව
  • රගපෑමට සදහා තිබූ හැකියාව
  • ගීත ගායනය සදහා තිබූ හැකියාව
  • සංගීත භාණ්ඩ වාදනය සදහා තිබූ හැකියාව (ගිටාර්,ඩ්‍රම්ස්)
  • චිත්‍ර ඇදීමට තිබූ හැකියාව

*අත් දෙකෙන්ම එකවර ලිවීමේ හැකියාව

*ඉලක්කයට වෙඩි තැබීම සදහා තිබූ දක්ශතාව

ඉතින් මෙහෙම හැකියාවන් දක්ශතාවයන් එකවර පිහිටපු කී දෙනෙක් අපි දැකල තියෙද?සුශාන්ත්ව මරපු මිනිස්සුවත් දන්නෙ නැතුවැති සුශාන්ත් මේ වගේ දක්ෂයෙක් කියල.දක්ෂකම් ඔක්කොම පැත්තකින් තිබ්බම සුශාන්ත්ගෙ ගතිගුණ එයාව දන්න නොදන්න මිනිස්සු ඔක්කොමව වශීකරගෙන අවසාන යි.අවංකවම මම සුශාන්ත්ගෙ දක්ෂතා වලට වඩා කැමති ගතිගුණ වලට.

අංකිතා සුශාන්ත්ගෙ ජීවිතෙන් අයින් වීම හෝ අයින් කිරීම සුශාන්ත්ගෙ ජීවිතේට වංචාකාරයො රිංගන්න හිඩසක් වුණා කියලයි මට හිතෙන්නෙ.රියාගෙ තැන වර්තමානෙ අංකිතා හිටියනම් අදටත් සුශාන්ත් හිනාවෙලා ජීවත් වෙයි කියලත් මට හිතෙනව.

දිල් බෙචාර චිත්‍රපටයෙ සුශාන්ත්ගෙ දෙබස් ඔහුගෙ මරණය ගැන අපිට ඉගියක් දෙනවද කියලත් මට හිතුන අවස්ථා බොහොම යි.

අදටත් සුශාන්ත් ගැන ඔබ කියවද්දි “අනේ ඒ කවුද,ඉන්දියාවෙ එකෙක් මැරුණම අපිට මොකද? උඹ ඌව දන්නවද? ” කියල අහන මිනිස්සු ඉන්නවනම් උන් රියල් කුහකයො.

කයිපෝචෙ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසිලා දිල් බෙචාර චිත්‍රපටයෙන් සමුගන්න සුශාන්ත්ව සිනමාවට හදුන්වල දීපු කයිපෝචෙ චිත්‍රපටය අවසන් වෙන්නෙත් සුශාන්ත් මැරිල.අවාසනාවකට වගේ ඔහුගෙ අවසාන චිත්‍රපටයෙත් ඔහු මැරෙනව.

කොහොම වුණත් මේ වෙද්දි,බිහාර් ප්‍රාන්තයෙ මධ්‍යම පාන්තික පවුලක ඉපදිලා බාධක මැද්දෙ යන්න පුලුවන් ඉහළටම ගිය කුමාරයෙක් වගේ ලස්සන හිත හොද දක්ශ මනුස්සයෙක්ව ඉන්දියාව මුළු ලෝකෙටම නැතිකරල ඉවරයි.ඉංජිනේරු උපාධිය පැත්තකට දාල නලුකමට ආදරේ කළ සුශාන්ත්ව නළුවොම එකතුවෙලා මරල දාපු එක ඔහුගෙ දෛවය වෙන්නැති.

කොරෝන අස්සෙත් ඉන්දියාවෙ මිනිස්සු සුශාන්ත් වෙනුවෙන් එකතුවීම සහ ඔහුගේ මරණයට වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙනයාමට දරණ වෑයම ප්‍රශංසනීය යි.ලංකාවෙ වුණානම් උපරිම සති දෙක යි.

මේ සිද්ධිය සම්බන්ධව පොදුවෙ අපි හැමෝගෙම ප්‍රාර්ථනය මිනීමරුවන් නීතිය ඉදිරියට ගෙනයෑම.

ඉතින් අපි බලාපොරොත්තු දල්වාගෙන බලන් ඉමු ඉන්දීය නීතිය සාධාරණය ඉටුකරනකම්.

සුශාන්ත් සින්ග් රාජ්පුත්, නලුවෙකුටත් වඩා දුර්ලභ ගතිගුණ වලින් යුත් සැබෑ මනුශ්‍යයෙක්.ඒ මිනිසත්බවට උපහාරය

උපුටාගැනීමකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here