රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගේන ඉල්ලීමක් කරමින් කියා සිටින්නේ කිසිවකු හෝ තමන්ට කොරෝනා ආසාදිත යැයි සැක සහිත නම් ඒ බව වේලාසනින් රෝහල් හෝ අදාළ අංශ දැනුවත් කරන ලෙසයි.

එසේ නැතිව සෘජුව රෝහල්වල බාහිර රෝගී අංශ වෙත නොපැමිණෙන ලෙස ද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඉල්ලා සිටියි.

සෘජුවම රෝහල්වල බාහිර රෝගී අංශ කරා පැමිණියහොත් අවධානමට ලක්වන රෝහල් කාර්ය මණ්ඩල නිරෝධායනයට ලක් කිරීමට සිදුවන බවත් එවිට ප්‍රතිකාර කාර්ය මණ්ඩල අඩුවීම සිදු වන බවත් ඔහු පවසයි.

එසේ වුවහොත් සෞඛ්‍ය කාර්යය හිග වන බවත් එය ඉතා භයානක තත්ත්වයක් බවත් ඒ හරහා කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here