සමාව අරන් ආවෝත් විමල් ගැන සලකා බලන්න පුලුවන් වෙයි!

ජනතා විමුක්ති පෙරමුණ තුළින්ම සිය දේශපාලන ගමන ආරම්භ කළ විමල් වීරවංශ අමාත්‍යවරයාට යළිත් එම පක්ෂයට පැමිණීමට හැකි දැයි යන්න පිළිබඳ කේ.ඩී.ලාල්කාන්ත මහතා පිළිතුරු දෙනවා.

හිටපු ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන ඔහු එසේ පිළිතුරු දෙන්නේ ඒෂියන් මිරර් සමඟ කළ සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

බිඳ වැටී ඇති රට යළි ගොඩ නැඟිය හැක්කේ ජනතා විමුක්ති පෙරමුණ සමඟ බව වැඩි කලක් යාමට මත්තෙන් විමල් වීරවංශ මහතාද කියනු ඇතැයි යන්න තම විශ්වාසය බව කේ.ඩී.ලාල්කාන්ත මහතා එහිදී සඳහන් කළා.

ඒ බව තවම නොකීවත් ලඟදීම වීරවංශ මහතා ඒ බව කියනු ඇති බව දැන් දැන් පේන්න තිබෙන බවයි ඔහු පෙන්වා දුන්නේ.

එහෙත් ඔහුට යළිත් ජේ.වී.පී වීමට නොහැකි බවද ලාල්කාන්ත මහතා පෙන්වා දෙන්නේ ඒ සඳහා කිසිදු ජේවීපී සාමාජිකයෙක් ඉඩ නොතබන බවද මතක් කරමින්.

විමල් වීරවංශ මහතාට ඉන්න තැනින් වෙනස් වීමට අවශ්‍ය නම් වෙනත් තැනකට පැමිණීමට හැකි බවයි ලාල්කාන්ත මහතා අවධාරණය කරන්නේ.

ඒ සඳහාද තමන් අතින් සිදුවූ වැරදි පාපොච්චාරණය කොට අයථා ලෙස එක් රැස්කර ධනයක් තිබේ නම් ඒ ගැනත් ගැන පාපොච්චාරණයක් කොට උත්සාහයක් ගත හැකි බවයි ලාල්කාන්ත මහතා සඳහන් කරන්නේ.

උපුටාගැනීම : ඒෂියන් මිරර්

 1,322 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply