එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම සඳහා මහ බැංකුවේ මැදිහත්වීමෙන් එම සමාගම් සමූහය සතු දේපොළ විකිණීමේදී අක්‍රමිකතා සිදුව ඇත්දැයි සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පසුගිය ජනවාරි මාසයේදී මෙම කොමිසමේ වාර්තාවට අනුව මෙම විකිණීම සිදුව ඇත්තේ නීති විරෝධී ආකාරයට බව අණාවරණය වී තිබේ.

එහිදී මුදල් විශුද්ධිකරණයක් සිදුව ඇති බවටද කොමිසම කරුණු අනාවරණය කර ඇති අතර මේ අනුව එම දේපොළ රජයට පවරා ගැනීමටත්, හිමිකරුවන් වූ එදිරිසිංහ පවුලට එරෙහිව අපරාධ නීතිය යටතේ නෛතිකව කටයුතු කිරීමේ හැකියාව ඇති බවත් කොමිසම වැඩිදුරටත් පෙන්වා දී ඇත.

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය ඇතුළුව එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම් සමූහයට අයත් දේපොළ බෙන් හෝල්ඩින්ග්ස නමැති සමාගමකට අලෙවි කරනු ලැබුවේ මීට වසර කිහිපයකට පෙරදීය.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි සභාපතිත්වය දැරූ එම කොමිසමේ සෙසු සාමාජිකයන්වූයේ හිටපු සොලිසිටර් ජනරාල්වරයකු වන සුහද ගම්ලත් හා ජ්‍යෙෂ්ඨ බැංකුකරුවකු වන ඩී.එම්. ගුණසේකර යන මහත්වරුන්ය.

කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස්දී තිබෙන බව වාර්තා වෙයි.