හිටපු අගමැති රනිල්ට ලැබුණු විශේෂ ආරාධනාව!

ලබන දෙසැම්බර් 03 වනදා සිට 05 වනදා දක්වා අබුඩාබි නුවර පැවැත්වීමට නියමිත 05 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය  සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාටද ආරාධනා කර ඇත. ඒ අනුව හිටපු අග්‍රාමාත්‍යවරයා දෙසැම්බර් 05 වැනිදා සමුළුව ඇමතීමට නියමිතය බවත් මෙහි විශේෂත්වය වන්නේ සමුළුව ඇමතීමට ලැබුණු එකම විපක්ෂ නායකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා බවත් එක්සත් ජාතික පක්ෂ ජත්‍යන්තර කටයුතු පිළිබද  ලේකම් වරයා පවසනවා. 

”පරිසරය,ආර්ථිකය,වසංගතය ”යන තේමාවෙන් පැවැත්වෙන මෙවර සමුළුව දෙසැම්බර් 3 වැනිදා සිට 5 වැනිදා දක්වා අබුඩාබි නුවරදී පැවැත්වෙයි.
ඉන්දියන් සාගර කලාපයේ  දේශගුණික විපර්යාස වල වර්ධනය සමඟ මතුවන තර්ජනයන්ට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම සමුළුවේ දී සාකච්ජා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ ආසියාව වසංගතයෙන් සහ ආර්ථික අරබුදයෙන් ගොඩ ඒමට බලා සිටින බැවින් වික්‍රමසිංහ මහතා විසින් ගෙනහැර දක්වන සැලැස්ම කෙරෙහි සති අන්තයේ රැස්වන කලාපිය නායකයින් විසින් ඔවුන්ගේ දැඩි අවදානය ඊට යොමු කරනු ඇතයි එක්සත් ජාතික පක්ෂ ජත්‍යන්තර කටයුතු පිළිබද ලේකම් වරයා පවසනවා. 

රනිල් වික්‍රමසිංහ මහතා  ඉන්දියන් සාගර සමුළුවේ හිටපු සභාපතිවරයා වන අතර 2016 සිට 2019 දක්වා ඔහු එම ධුරය හෙබවීය. එමෙන්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්රරමසිංහ මැතිතුමා සහභාගී වන 05 වන ඉන්දීය සාගර සමුළුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,ඉන්දීය විදේශ කටයුතු අමාත්යක S. ජයශංකර් සහ සිංගප්පුරු විදේශ කටයුතු අමාත්ය  V. බාලක්රිෂෂ්ණන් යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වනු ඇති.

 575 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply