බටහිර රටවල් අටවපු උගුල්වලින් ලංකාව බේරාගත්තේ කවුද? චීනයෙන් පිළිතුරු!

ශ්‍රී ලංකාව බටහිර රටවල ණය උගුලෙන් බේරාගත්තේ චීනය බව කොළඹ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම ට්විටර් පණිවුඩය මගින් පෙන්වාදී ඇත්තේ 2017 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් හම්බන්තොට වරාය බදු දීමට සූදානම් වූ අවස්ථාවේදී මෙලෙස චීනය විසින් උපකාරයට ඉදිරිපත්ව ශ්‍රී ලංකාව ණය උගුලකින් බේරාගෙන ඇති බවයි.

චීනය ප්‍රකාශ කරන ආකාරයට 2017දී ශ්‍රී ලංකාවට හම්බන්තොට වරාය බදුදීමට සිදුවූයේ ඒ වනවිට ගෙවීමට නියමිතව පැවැති අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර (ෂීඊ) ‍වෙනුවෙන් ඩොලර් නොමැතිවීම හේතුවෙන් බවයි.

එසේ නොමැතිව චීන එක්සිම් බැංකුවට ගෙවීමට තිබූ ණයක් පියවීම සඳහා වරාය චීනයට ලබානොදුන් බව තානාපති කාර්යාලය සඳහන් කරයි. එම අර්ථයෙන් ගත් කළ 2017දී චීනය විසින් හම්බන්තොට වරාය බදු පදනමින් ලබා ගැනීමෙන් ශ්‍රී ලංකාව සිරවීමට තිබූ අන්තර්ජාතික ණය උගුලෙන් රට බේරා ගැනීමට තම රාජ්‍ය දායක වී ඇති බව චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

එසේම මේ දක්වා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති සමස්ත විදේශ ණය ප්‍රමාණයෙන් චීනය වෙතින් ලබාගෙන ඇත්තේ 10%ක් එනම් ඩොලර් මිලියන 3388.2ක් පමණක් බවද ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා උපුටා දක්වමින් තානාපති කාර්යාලය වැඩිදුරටත් පෙන්වාදෙනවා .

 716 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply