බෑනාගෙන් පළිගන්න නැන්දම්මා හොර රහසේ දියණියව මෙහෙණියක් කරලා!

පෙමින් බැදුණු යුවලක් ඔවුන්ගේ අභිමතයට විවාහ වී වසරකට වැඩි කාලයක් මොරගොල්ලාගම ප්‍රදේශයේ සැමියා ඉදි කළ නිවහනක දෙදෙනා වාසය කරන අතරවාරයේ නැන්දම්මාට බෑනා අවනත නොවන නිසා ඉකුත් මස 24 වැනි දින සැමියා ගෙදර නොසිටි මොහොතක දියණියගේ අම්මා පැමිණ ඇයව හොර රහසේ රැගෙන ගොස් මොරගොල්ලාගම ප්‍රදේශයේ මෙහෙණි ආරාමයකට ඇතුළත් කර සිල් මාතාවක් බවට පත්කර තිබෙන සිදුවීමක් වාර්තා වෙනවා

සිද්ධිය දැනගත් විවාහක සැමියා පසුදිනම එනම් 25 වැනිදා පොලිසියට ගොස් ඇයව සිවුරු ඉවත් කර යළි තමාට ලබාදෙන ලෙසට පොලිසියේ පිහිට පතා ඇත එහෙත් පැවිදි වූ සිල් මාතාව ප්‍රදේශය අතහැර වෙනත් පළාතක වැඩ සිටිය නිසා ඇයව බලෙන් සිවුරු ඉවත් කර සැමියාට ගෙනැත් දීමට නොහැකි තත්ත්වයක පසුවූ බව පොලිසිය සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් ඇය පසුගියදා සැමියාට දුරකථනය මඟින් දැනුම් දී මෙහෙණි ආරාමයෙන් සිවුර දරාගෙනම පලාගොස් සැමියා හමුවී සිවුර ඉවත් කර එයද රැගෙන සැමියා කැටුව 26 වැනි දින සවස් යාමයේ පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබාදී උපැවිදිව සැමියා සමඟ යළි සුපුරුදු නිවහනේ යුගදිවිය පවත්වාගෙන යන බවද පොලිසිය පැවැසීය.

අම්මාගේ කැමැත්තට මෙහෙණියක වූ ඇයව මාසයකුත් දින දෙකකට පසුව දිගු වරලස නොමැතිව යළි හමුවීම සතුටට කරුණක් බවට සැමියා පැවැසූ බවද පොලිසිය පැවැසීය.

 324 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply