එන්නත් නොගත්තොත් දඩ මුදල් අය කිරීමේ සුදානමක්!

වයස අවුරුදු 60 ට වැඩි සියල්ලන්ට කොවිඩ් මර්දන එන්නත්කරණය අනිවාර්ය කිරීමට ග්‍රීසිය තීරණය කර තිබෙනවා.

කොවිඩ් එන්නත ප්‍රතික්ෂේප කරන පුද්ගලයන්ට මාසිකව යුරෝ 100 ක් බැගින් දඩ නියම කරන බව එරට අග්‍රාමාත්‍යවරයා පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම මුදල් ග්‍රීක සෞඛ්‍ය පද්ධතිය නගා සිටුවීම වෙනුවෙන් යොදවන බව අග්‍රාමාත්‍යවරයා පවසනවා.

ග්‍රීසියේ ජනගහණයෙන් 63% ක් පමණ පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇතත් වයස අවුරුදු 60 ට වැඩි ජනගහණයෙන් 520,000 කට වැඩි පිරිසක් තවමත් එන්නත ලබා ගෙන නොමැති බව එරට සංඛ්‍යාලේඛණ පෙන්වා දෙනවා.

ඒ අනුව මෙතෙක් පළමු එන්නත හෝ ලබා නොගත් අවුරුදු 60 ට වැඩි සියලු දෙනා ලබන ජනවාරි 16 වනදා වන විට එන්නත ලබාගැනීම සඳහා ලියාපදිංචි විය යුතු වෙනවා

 3,264 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0

Leave a Reply