බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ රෝගීන්ගේ ශරීර තුළ වෛරස් සාන්ද්‍රණය අධික නම් ඒ ගැන විශේෂයෙන් කළ හැකි කිසිවක් නොමැති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය පවසයි. 

ඇය මෙලෙස සඳහන කර තිබුණේ ෙ මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් හමුවන රෝගීන්ගේ ශරීර තුළ වෛරස් සාන්ද්‍රණය අධික වීම පිළිබඳව ඊයේ (07) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. 

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇය මෙලෙස කියා සිටියේය…

“වෛරොලොජිස්ට්ලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යනවා ගරු කථානායක තුමනි, ඉතිං වෛරස් ලෝඩ් එක වැඩි වුණත් අපි ඒ අයට රෝහල්ගත කරනා දෙන්න තියෙන ප්‍රතිකාර කරනවා. ඒ වගේම කන්ටෑක්ට් ට්‍රේසිං – රෝගීන්ගේ ආශ්‍රිතයින් හඳුනාගැනීම – කරලා අපි ඒ අයවත් සම්පූර්ණ නිරෝධායනයකට ලක් කරලා තියෙන්නෙ. 

වෛරස් ලෝඩ් එක වැඩි නම් ඉතිං ඒ වෛරස් ලෝඩ් එක වැඩියි. ඉතිං ඒක එච්චරයිනෙ කථානායක තුමනි, එතනින් එහාට කරන්න දෙයක් නෑ” යනුවෙනුයි  ඒ මහත්මිය සඳහන් කළේ.