පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරින් ප‍්‍රනාන්දු මහතා ඊයේ (07 වැනිදා) පී.සී.ආර්. පරීක්‍ෂණයකට භාජන වී පැය කිහිපයකට පසුව පාර්ලිමේන්තු රැස්වීමට පැමිණීම පිළිබඳ ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රීවරු කිහිපදෙනෙක් විරෝධය පළ කළහ.

පී.සී.ආර්. පරීක්‍ෂණය සිදු කළ හරින් ප‍්‍රනාන්දු මහතා සභා ගැබෙහි සිටින බවට පළමුව ප‍්‍රකාශ කළේ ආණ්ඩු පක්‍ෂයේ කොළඹ දිස්ත‍්‍රික් මන්තී‍්‍ර පේ‍්‍රමනාත් සී. දොලවත්ත මන්ත‍්‍රීවරයා ය.

පේ‍්‍රමනාත් සී. දොලවත්ත මහතා –

මීට සුළු මොහොතකට පෙර තමන් පී.සී.ආර්. පරීක්‍ෂණයකට ලක් වූ බව හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබෙනවා. සාමාන්‍යයෙන් පී.සී.ආර්. පරීක්‍ෂණයකට නතු වන්නේ ඔහුට හෝ ඇයට රෝග ලක්‍ෂණ තිබෙන බවට සැකයක් තියෙනව නම්. පාස්කු ප‍්‍රහාරය ගැන තාත්තා කිව්වා වගේ අන්තිමට අමාරුවේ වැටෙන්නේ අපි හැමෝම. විනාඩි 20 කට කලින් ඔහු මෙතනට ආවා. පී.සී.ආර්. පරීක්‍ෂණයක් කළා නම් හුදෙකලාව ඉන්න.

හරින් ප‍්‍රනාන්දු මහතා –

මම තාත්තාගේ දානයට යන ගමන් ආවේ, පී.සී.ආර්. කළ මා පාර්ලිමේන්තුවට ආවේ ඇයි කියා ප‍්‍රශ්න කළ නිසා. දැනට කරන පී.සී.ආර්. පරීක්‍ෂණ ගැන අපට සතුටක් නැහැ. ආණ්ඩුව කියනවා හැමෝටම පී.සී.ආර්. පරීක්‍ෂණ කරගන්න කියලා. ආණ්ඩුවේ ඇමැතිවරුන් නොකළ දෙයක් මම කළේ. මට උණක් හෙම්බිරිස්සාවක්වත් නැහැ. එහෙම කරලා මම මිනිස්සුන්ට කිව්වා රිදෙන්නේ නැහැ. බය නැතුව ඒක කරන්න කියලා. පෞද්ගලික රෝහල්වල මෙම පරීක්‍ෂණය කරනවා. ගෙදරට ඇවිත් කරනවා. රුපියල් 1200 යි ගන්නේ. අවදානමට වඩා සූදානම හොඳයි. මම ඉල්ලා සිටිනවා මන්ත‍්‍රීවරුන් 224 ගේම පී.සී.ආර්. පරීක්‍ෂණ කරන ලෙසට යැයි ද මන්ත‍්‍රීවරයා පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here