නාවලපිටිය දිස්ති‍්‍රක් මහ රෝහල වෙත ප‍්‍රතිකාර සඳහා රැගෙන ආ වයෝවෘද්ධ මවක් නැවත භාර  ගැනීමට ඇගේ දරුවන් ප‍්‍රතික්‍ෂේප කිරීම නිසා එම මව මාස 4 කට ආසන්න කාලයක් රෝහලේ නතරව සිටින බව රෝහල් කාර්ය මණ්ඩලය පවසයි.
 
 හැත්තෑ දෙහැවිරිදි එම මව නිවසේ වැටීමෙන් සිදුවූ තුවාලයකට ප‍්‍රතිකාර ගැනීම සඳහා දරුවන් විසින් රෝහල්ගත කර තිබිණි.
 
 ප‍්‍රතිකාර වලින් ඇය සුවය ලබා මෙතරම් කාලයක් ගතවුවත් දරුවන් කිසි දිනක නැවත රෝහල වෙත පැමිණ නැති බවද රෝහල මගින් එම දරුවන්ට මේ බව දැන්වුවත් ඔවුන් ඇය භාර ගැනීම ප‍්‍රතික්‍ෂේප කරන බවද වාට්ටුවේ භාර කාර්ය මණ්ඩලය පවසයි.
 
 නාවලපිටිය බව්වාගම ප‍්‍රදේශයේ පදිංචි මෙම මවට දරුවන් තිදෙනකු සිටින බවද ඔවුන් රැකියා කරමින් සිටියත් ඒ කිසිවකු තම මව කෙරේ ලෙන්ගතුකමක් නොමැති හෙයින් රෝහල් කාර්ය මණ්ඩලය දැඩි අපහසුවට පත්ව ඇති බව ද එම කාර්ය මණ්ඩලය පවසති.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here