කින්නියා, කුරුඤ්ඤංකේනි පාලම මාස 9ක් ඇතුළත හදන්න ජනපතිගෙන් නියෝග!

කින්නියා, කුරුඤ්ඤංකේනි පාලම මාස 9ක් ඇතුළත ඉදි කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි මහමාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතා පවසයි. 

ලේකම්වරයා මේ බව සඳහන් කළේ, “ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය ගැන අලුත් ම තොරතුරු” යන මැයෙන් අද (නොවැ. 25) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවට එක්වෙමිනි.

ත්‍රිකුණාමලය, කින්නියා, කුරුඤ්ඤන්කේනි කලපුවේ පාලම් පාරුවක් පෙරළී යාමෙන් පාසල් දරුවන් ඇතුළු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ සිද්ධිය දැඩි සංවේගයට හේතුවක් බව පැවසූ ලේකම්වරයා මාර්ග සංවර්ධනය අධිකාරියට අයත් නොවූව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි කුරුඤ්ඤංකේනි පාලම මාස නවයක් ඇතුළත ඉදිකිරීමට උපදෙස් දුන් බව මෙහිදී ප්‍රකාශ කළේ ය.

 534 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply