“හිටපු ජනපතිගේ නිවෙස ගෙවල් 3ක එකතුවක්” – මෛත්‍රී නෑ කිව්ව කතාව මහින්දානන්ද සාක්කි එක්ක හෙළිකරයි!

පැජට් පාරේ පිහිටි සී 61ක, සී 62 සහ බී 14 යනු නිවෙස් නොව නිවාස තුනක් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට තමන් යැවූ ලිපියට පිළිතුරු වශයෙන් එවා ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) හෙළි කළේය.

එම නිවෙස්වල මීට පෙර සිට ඇත්තේ හිටපු ජනාධිපති ඩී.බී විජේතුංග, ඇමැතිවරුන් වන සරත් අමුණුගම, කෙහෙලිය රඹුක්වැල්ල මහත්වරුන් බව ලේකම්වරයාගේ ලිපියෙන් පෙන්වා දී ඇති බව හෙතෙම කීවේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රාජ්‍ය ඇමැති දායාසිරි ජයසේකර මහත්වරුන් කළ ප්‍රකාශයන්ට පිළිතුරු දෙමින් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා එසේ කියා සිටියේය.

තමන්ට කිසිවකුට පෞද්ගලිකව මඩ ගැසීමට අවශ්‍ය නොවන හෙයින් ලිපිය ලැබී තිබුණ ද එහි තොරතුරු හෙළි නොකළ බවත් හිටපු ජනාධිපතිවරයා නැවත වරක් ඒ පිළිබඳ කතා කළ නිසා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් රත්නසිරි මහතා එව්ව ලියුම මෙලෙස පෙන්වීමට සිදුවුණු අතර එය සභාගත කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

කිසිදු පක්ෂ නායකයකුට හෝ පුද්ගලයකුට ගහන්න වුවමනාවක් නොමැති බව පැවැසූ ඇමැතිවරයා ගැහුවොත් ගහන්න කිසිවිට පසුබට නොවන බව කීවේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

අපි එහෙම එළියේ ගිහින් වීරයෝ වෙන්නෙත් නැහැ. මහින්දානන්දට වෙලේ යන්නත් බැහැ කිව්වා. මහින්දානන්ද වෙලෙත් නියරෙත් ගිහින් තිබෙනවා. පුද්ගලිකව ගහන්න අවශ්‍ය නැහැ. හැබැයි ගහනව නම් අපිත් ගහනවා. කොන්ද පස්සට තියාගෙන නපුංසකයෝ වෙන්නත් කැමැති නැහැ.

පාර්ලිමේන්තුවේ නැති වෙලාවේ කිව්වේ. මට එන්න කියලා අහන්න තිබුණා. කෘෂිකර්ම ප්‍රතිපත්තිය ගත්තේ ආණ්ඩුව. එය හොඳ වැඩක්. ඒකේ වගකීම මම බාර ගන්නවා. පඹයෝ පිච්චුවත්, මට ගැහුවත් මෙය අත්හරින්නේ නැහැ. ඇලෝසියස්ගෙන් චෙක් අරන් පුට් නෝට් දාපු අය මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ නිසා ගඳ ගහන වළවල් හාරන්න එපා කියළා ඒ අයටත් කියනවා.

 496 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply