“ගෑස් පිපිරුම් ගැන රජයේ රස පරීක්ෂකගෙන් නිවේදනයක්” – මැක්ඩොනල්ඩ්ස් ගින්නේ ගෑස් කාන්දුව ගැන ඇත්ත එලියට! [VIDEO]

මේ දිනවල ගෑස් සිලින්ඩර පිපිරීම් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පලවන අතර එයට විවිධ පුද්ගලයින් YouTube නාලිකා හරහා සිදු කරනු ලබන ප්‍රචාරද ඉවහල් වී ඇති බව දකින්නට ලැබෙනවා. ආසන්නතම සිදුවීම ලෙස අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබුනේ කොළඹ 07 මැක්ඩොනල්ඩ් අවන්හලේ පිපිරීමට හේතුව ගෑස් සංයුතියේ වෙනසක් බවට වාර්තා කරමින් පුවතක් පල කිරීමයි.

මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කරන රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ අදාළ පුවත්පත වාර්තා කල පුවත සම්පුර්ණයෙන් අසත්‍ය හා පදනම් විරහිත බවයි,රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේතුව නිකුත් කල වාර්තාවේ සඳහන් වන්නේ අදාළ අවන්හලේ සිදුවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීම සිදුව ඇති බවයි.

අදාළ පුවත්පත හිතා මතාම අසත්‍ය පුවතක් මවමින් ගෑස් සංයුතිය සම්බන්ධ කාරනාව උලුප්පා දක්වමින් සිදුකල ප්‍රචාරය සහ විපක්ෂ කණ්ඩායම් මෙන්ම විවිධ චෝදනා කරන්නන්ද ලිට්රෝ ගෑස් වල සංයුතිය සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීම හරහා පෙනී යන්නේ නිසැකවම අසත්‍ය පුවත් මවමින් ජනතාව නොමග යැවීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි.

ගෑස් හිඟයක් තෙල් හිඟයක් පිළිබඳව අසත්‍ය පතුරමින් දේශපාලන වාසි ලබා ගන්නා කණ්ඩායම් රටේ සිදුවන හුදෙකලා සිදුවීම් වලට ප්‍රචාර ලබා දෙමින් ගෑස් පිළිබඳව ජනතාවට අනතුරුදායක තත්වයක් මවා පෑම සැබවින්ම දේශපාලනික කාරනාවක්ද නැතිනම් ව්‍යාපාරික සිහිනයක න්‍යායපත්‍රයක්ද යන්න සක සහිත අතර අප කණ්ඩායම ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන අතර තිරය පිටුපස සිට මේ මෙහෙයුම දියත් කරන පුද්ගලයින් හෙළිදරව් කිරීමට අප සුදානම් බව මතක් කල යුතුය.

රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදන පහතින්…

 680 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply