“ග්ලයිෆොසෙට් තහනම” ඉවත් කල ගැසට්ටුවට පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ඉවතට!

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම අමාත්‍යාවරයාගේ මාධ්‍ය ලේකම්, ජයසූරිය උඩුකුඹුර මහතා මේ බව දැනුම් දී ඇත.

වසර 7ක් පුරා තහනමට ලක්ව තිබූ ග්ලයිපොසේට් ඇතුළු පළිබෝධනාශක වර්ග 5ක තහනම ඉවත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව රෙජිස්ට්‍රාර්වරයා තනතුරින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව රෙජිස්ට්‍රාර්වරයා විසින් 2021.11.01 නිකුත් කරන ලද ගැසට් නිවේදනය බලරහිත කරන බවත් ඔහුට එරෙහිව විනයානුකූල පරීක්ෂණයක් පවත්වන බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කර ඇත.

 305 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply