ෆයිසර් එන්නතෙන් යෞවනයන්ට දිගුකාලීන ප්‍රතිශක්තියක්!

ෆයිසර් කොරෝනා එන්නතේ මාත්‍රා දෙකම ලබාදුන් වයස අවුරුදු 12ත්, 15ත් අතර යොවුන් වියේ ළමයින්ට මාස 4කට පසුව ද කොරෝනා වෛරසයට එරෙහිව සියයට 100ක ප්‍රතිශක්තියක් දක්නට ලැබෙන බව එම සමාගම ප්‍රකාශ කළා.

එමගින් මෙලෙස ෆයිසර් එන්නතේ දිගුකාලීන ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර ඇත්තේ එම වයස් කාණ්ඩය සඳහා ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව පුරා රටවලින් පූර්ණ අනුමැතිය ලබා ගැනීමේ අරමුණෙන්.

වයස අවුරුදු 12න් ඉහළ ළමයින් සඳහා මයික්‍රොග්‍රෑම් 30ක එන්නත් මාත්‍රාවක් ලබාදීම සඳහා ෆයිසර් බයෝඑන්ටෙක් සමාගම මෙලෙස අනුමැතිය අපේක්ෂා කරනවා.

වයස අවුරුදු 12ත්, 15ත් අතර, වයස් කාණ්ඩය සඳහා හදිසි භාවිතයට ඇමරිකානු ආහාර හා ඖෂධ පරිපාලනය විසින් ෆයිසර් එන්නතට පසුගිය මැයි මාසයේදී අනුමැතිය ලබාදුන්නා.

එමෙන්ම, වයස අවුරුදු 16 ඉක්ම වූවන්ට එන්නත පූර්ණ වශයෙන් භාවිත කිරීම සඳහා එමගින් අනුමැතිය ලබාදුන්නේ අගෝස්තු මාසයේදියි.

 254 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply