අධිවේගී මාර්ගය පුරා විසිරුණු ඩොලර් නෝට්ටු! [VIDEO]

කැලිෆෝනියාවේ අධිවේගී මාර්ගයේ දී සැන් ඩියාගෝ සිට ෆෙඩරල් තැන්පතු රක්ෂරණ කෝපරේෂන් කාර්යාලයක් වෙත මුදල් රැගෙන ගිය සන්නද්ධ රථයක එක් දොරක් විවුර්ත වීම නිසා මංතීරුව පුරාම මුදල් විසිවී ඇති වීඩියෝවක් සමාජ මාධ්‍ය වල පලවෙනවා ඩොලර් 1 සහ ඩොලර් 20 ක් වටිනා කමින් යුත් මුදල් මෙලෙස වැටි ඇති බව බලධාරීහු පවසන්නේ.

මේ නිසා අධිවේගී මාර්ගයේ ගමන් ගන්න පුද්ගලයන් අධිවේගී මාර්ගයේ නතරකර මුදල් ඇහිදගෙන තිබෙනවා එය සිදු වූ පසු මංතීරු වසා දමා ඇති අතර මුදල් ලබා ගැනීම සඳහා නැවැත්වූ බවට සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුව ඔවුන් රථවාහන මංතීරුවල දමා ගිය ඔවුන්ගේ මෝටර් රථයෙන් තුලට දමා අගුලු දැමූ බව බලධාරීන් පවසන්නේ. සමහර පුද්ගලයන් පිරිසක් එකතු කළ මුදල් නැවත භාර දීමට කටයුතු කර ඇත

ප්‍රකාශයක් නිකුත් කරමින්, නිලධාරිනී මේරි බේලි පවසන්නේ ඔවුන් විසින් එකතු කරන ලද මුදල් දැනටමත් ආපසු ලබා දුන් අයට ස්තූතිය පුද කර අතර
අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත මෙම සිද්ධිය වූ ස්ථානයේ වීඩියෝ සමාජ මාධ්ය වල පළ කර ඈති බවත් මුදල් සොරකම් කිරීමට සම්බන්ධ වූවන් හඳුනා ගැනීමට හැකි බවත් අපරාධ චෝදනා වළක්වා ගැනීම සඳහා පැය 48 ක් ඇතුළත මුදල් ආපසු ලබා දීමට කටයුතු කරන ලෙසට පවසා ඇත මෙම සිද්ධියට සම්බන්ධ සන්නද්ධ රථ අයත් සමාගම අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇත;

 481 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply