“කාබනික පොහොර හදන්න කිසි දෙයක් කරලා නෑ” – පොහොර කොම්පැනි ලොක්කෝ මීටිමෙන් එලවයි!

පොහොර ගැටලුව සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමා සමඟ අද පැවති විශේෂ රැස්වීමේදී කාබනික ගොවිතැන මෙරට ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ රැසක් ගෙන ඇති අතර රසායනික පොහොර හා කෘෂි රසායන වලින් තොරව වගාකරන ගොවීන් වෙත විශේෂ රාජ්‍ය අනුග්‍රහය ලබා දීම රජයේ ප්‍රතිපත්තිය වී තිබේ.

මෙහිදී රාජ්‍ය පතිපත්තිය අනුව යමින් කාබනික පොහොර භාවිතයෙන් කාබනික කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම සඳහා රජයේ ප්‍රධාන පොහොර සැපයුම් කරුවන වන කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හා ලක් පොහොර සමාගම් ගත් ක්‍රියාමාර්ග සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරුණු විමසීමක් කොට ඇත.

මෙහිදී ජනාධිපතිවරයා විමසු කරුණු සම්බන්දයෙන් නිසි ලෙස තොරතුරු ඉදිරිපත් කිරීමට නොහැකි වූ අදාළ ආයතන ප්‍රධානීන් සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පලකර ඇති ජනාධිපතිවරයා මෙරට කෘෂිකර්මාන්තයට පොහොර සපයන ප්‍රධාන සමාගම් පවා රට වෙනුවෙන් ගන්නා ලද තීන්දු තීරණ වෙනුවෙන් පෙනී නොසිටීම සහ සහාය නොදැක්වීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කොට ඇත. මෙහිදී අදාළ ආයතන ප්‍රධානීන්ට වහාම රැස්වීමෙන් පිටව යන ලෙසද ජනාධිපතිවරයා දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී සිය රාජකාරිය නිසි පරිදි ඉටු නොකරන රාජ්‍ය නිලධාරීන් ඇතුළු දේශපාලකයින්ද ජනාධිපතිවරයාගේ දෝෂ දර්ශනයට ලක්ව ඇති අතර රජය ගන්නා යහපත් ක්‍රියාමාර්ග ජනතාව වෙත නිසි ක්‍රමවේද ඔස්සේ ගෙනයනවා වෙනුවට ඒවා විවේචනය කරමින් ජනතාව අසරණ කිරීම නොකළයුතු බවටද අවධාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

 798 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply