තලේබාන්වරුන්ගෙන් ඇෆ්ගන් කාන්තාවන්ට නව නීතියක්!

තලේබාන්වරු  සද්ගුණය ප්‍රවර්දනය කිරීම සහ දුෂ්චරිතය වැලැක්වීම සඳහා  වූ අමාත්යංශය විසින් නව ”ආගමික මාර්ගෝපදේශයක්” නිකුත් කරමින් කාන්තා නළු නිළියන් ඇතුළත් නාට්‍ය සහ චිත්‍රපටි සහ වැඩසටහන් ද කාන්තා මාධ්‍යවේදීන් ඔවුන්ගේ වාර්තා ඉදිරිපත් කිරීමේදී ඉස්ලාමීය හිජාබ් පැළඳ සිටින ලෙසද ඒම මාර්ගෝපදේශයෙන් එරට රූපවාහිනී නාලිකාවලින් ඉල්ලා සිටිනවා 

තවද “මේවා නීති රීති නොව ආගමික මාර්ගෝපදේශයකි,” බවත් මොහොමඩ් නබිතුමා හෝ වෙනත් ගෞරවනීය චරිත පෙන්වන චිත්‍රපටි හෝ වැඩසටහන් විකාශය නොකරන ලෙස අමාත්යාංතශය නාලිකාවලින් ඉල්ලා සිටිනබව අමාත්‍යංශයේ  ප්‍රකාශක හකිෆ් මොහාජිර් එරට මාධ්‍ය වෙත පවසා ඈත .

ඉස්ලාම්වාදීන් මීට පෙර 1996 සිට 2001 දක්වා පාලනය කළ විට, කතා කිරීමට ඇෆ්ගනිස්ථාන මාධ්යදයක් නොතිබුණි — ඔවුන් රූපවාහිනිය, චිත්රෝපට සහ වෙනත් බොහෝ විනෝදාස්වාද ක්රිම තහනම් කළේ, එය දුරාචාර යැයි සලකමින්.නමුත් 2001න් පසු තලේබාන් පාලනය පෙරළා දැමීමෙන් පසු බටහිර ආධාර සහ පුද්ගලික ආයෝජන ඇතිව රූපවාහිනී නාලිකා සහ ගුවන් විදුලි මධ්යයස්ථාන දුසිම් ගණනක් පිහිටුවන ලැබූ අතර එහි දී ”ඇමරිකානු අයිඩල්” විලාසිතා, ගායන තරඟ, සංගීත වීඩියෝ, තුර්කි සහ ඉන්දියානු ඔපෙරා ආදී වැඩසටහන්  පසුගිය වසර 20 තුළ ඇෆ්ගන් රූපවාහිනී නාලිකා පුළුල් පරාසයක ඉදිරිපත් කර ඇත. ප්‍රචාරණ සහ ඉස්ලාමීය වැඩසටහන් විකාශනය කළ එකම ගුවන් විදුලි නාලිකාවක් වූයේ වොයිස් ඔෆ් ෂරියා ය.

තලේබාන්වරු ඇෆ්ගනිස්ථාන අල්ලා ගැනීමත් සමග එරට කාන්තාවන්ට හා මාධ්‍ය නිදහස තහවුරු කරන බවට පොරොන්දු වී තිබියදීත් ඇෆ්ගන් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට පහර දී හිරිහැර කල අතර ඇෆ්ගන් විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න කාන්තාවන්ට නව නීති හදුන්වාදෙමින් කාන්තා නිදහස අවහිර කර ඇත 

 590 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply