“පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් නෑ” [VIDEO]

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිටුපස කිසිදු දේශපාලනික කුමන්ත්‍රණයක් නොමැති බව ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥ මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසයි.

TALK WITH CHATHURA විශේෂ වැඩසටහනකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, සහරාන් හෂීම් ප්‍රහාරයට හේතු දක්වමින් සිදුකළ වීඩියෝ පටිගත කිරීම අධ්‍යයනයේදී ඒ බව සාක්ෂි සහිතව සනාථ වන බවය.

චතුර අල්විස් – දැන් තියෙන ප්‍රධාන මාතෘකාව දේශපාලනික පෙළඹවීමක් මේක පිටිපස්සේ තිබ්බා කියලා. පාස්කු කොමිසමේ වාර්ථාවේ විදේශ මැදිහත්වීම් කියන කොටසේ දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා සහ වෙනත් අය කරපු පැමිණිලි කාදිනල් තුමත් එක්ක මේකේ දේශපාලනික කුමන්ත්‍රණයක් තිබ්බද බලන්න?

මහාචාර්ය රොහාන් ගුණරත්න – 

“සහරාන් කියනවා මම මේ ප්‍රහාරය එල්ල කරන්නේ, අල්ලා වෙනුවෙන් සහ අපේ ආගම වෙනුවෙන්.” 

“අල්ලාගේ කැමැත්තෙන්, අපගේ රුධිරයෙන්, අපගේ සුනුවිසුනු වු හිස් කබල්වලින් සහ මස්වලින් ඉස්ලාමීය රාජ්‍යයක් මෙහි ස්ථාපිත වනු ඇත. එනම් ජිහාද් ශුද්ධ වූ යුද්ධයෙන්, අපට ගෞරවයක් ලැබේ. ආයුධ අතට ගැනීමෙන් තමයි අපි උත්තරීතරත්වය ලබාගෙන තිබෙන්නේ. අපි ක්‍රිස්තියානි පල්ලිවලට පහර දෙන්නෙමු. අපි ඔවුන්ව ඉලක්ක කරන්නේ ඇයි කියලා ඔබ දන්නවා ද? නවසීලන්තයේ දී තොපි මුස්ලිම් පල්ලිවල යාඥා කරමින් සිටි අපේ මිනිස්සුන්ව මරා දැමුවා. අල්ලාහ්ගේ නිවසට ඇඟිලි ගැසීමේ සහ අතතැබීමට එරෙහිව පළිගැනීමක් ලෙස, අපි මෙම පල්ලිවලට බෝම්බ හෙළීමෙන් තොපට පාඩමක් උගන්වමු.”

මහාචාර්ය රොහාන් ගුණරත්න  –

“වීඩියෝ එක බලපුවාම තේරෙනවා, මේක මූලධර්මවාදයේ ඉඳලා ඇවිල්ලා තියෙනවා අන්තවාදයට. අන්තවාදයේ සිට ත්‍රස්තවාදයට. මිනිස්සු එක් එක් මත දරනවා. නමුත් අපිට තියෙන සාධක බලන්න ඕනේ. මේ වීඩියෝ එක අනුව සහරාන් විස්තර කරනවා මොකද පල්ලිවලට ගැහුවේ කියලා. එයා පාවිච්චි කරපු ක්‍රම සහ විදි මේවා අන්තවාදය නිසා වෙච්ච ප්‍රහාරයක්. කාටවත් කියන්න බැහැ මේකේ කුමන්ත්‍රණයක් තිබුණා කියලා. මොකද සාක්ෂි දැන් තියෙනවා නේ. වීඩියෝ එක තමයි හොඳම සාක්ෂිය.”

චතුර අල්විස් – මේ ප්‍රහාරය එල්ලවෙලා රිල්වාන්, ශෙයිනි ඇතුළු කණ්ඩායම කාත්තන්කුඩි යනවා. යම් පුද්ගලයෙක් දුරකතන ඇමතුමක් දෙනවා. ඒ පුද්ගලයා කතා කරලා අහනවා ඕගොල්ලෝ ආරක්ෂිත ද කියලා රිල්වාන්ගෙන්?

මහාචාර්ය රොහාන් ගුණරත්න  – 

“හාදියා කියනවා ඉන්දියානු ජාතිකයෙක් අබුහින්ද් කියලා. රිල්වාන් එක්ක සම්බන්ධකමක් තියෙනවා කියලා ඒක ඇත්ත. අබුහින්ද් කියන්නේ, ඉන්දියානු පොලීසියේ නිලධාරියෙක්. එයා රිල්වාන් එක්ක සම්බන්ධකමක් තිබුණා. ඒකෙන් එයා සහරාන් එක්කත් කතා කරලා තියෙනවා. සහරානුයි රිල්වානුයි හිතන්නේ අබුහින්ද් කියන්නේ ත්‍රස්තවාදියෙක් කියලා. නමුත් අබුහින්ද් කියන්නේ ත්‍රස්තවාදියෙක් නෙමෙයි. ඉන්දියානු පොලීසියෙන් අබුහින්ද් කියන පුද්ගලයාව මෙහෙයවලා තමයි ලංකා රජයට දැනුම් දුන්නේ, ප්‍රහාරයට ඉස්සෙල්ලා අප්‍රේල් 4 දැනුම් දුන්නේ. මේ වගේ කල්ලියක් ඉන්නවා. මේ කට්ටියේ නම් මේ වගේ පාස්කු කියලා ප්‍රහාරයක් එල්ල කරන්න යනවා කියලා.”

 732 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply