‘‘අභියෝග මැද සෞභාග්‍යයේ දෙවසර’‘‘ ග්‍රන්ථය ජනාධිපතිවරයාට!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ සැමරුම වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය සම්පාදනය කළ “අභියෝග මැද සෞභාග්‍යයේ දෙවසර” ග්‍රන්ථය සහ එහි දමිළ හා ඉංග්‍රීසි භාෂා ග්‍රන්ථ පිළිබඳ විශේෂ රූපවාහිනී වැඩසටහනේ ඩී.වී.ඩී පටය සහ Signature of THE EXECUTIVE සඟරාවේ පළමු ප්‍රකාශය ජනාධිපතිවරයාට  අනුරාධපුර ජනාධිපති මන්දිරයේදී ප්‍රදානය කළේය.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සුදේව හෙට්ටිආරච්චි මහතා විසින් මෙම ග්‍රන්ථය ජනාධිපතිවරයා පිළිගන්වනු ලැබීය.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, මාධ්‍ය ප්‍රකාශක කින්ස්ලි රත්නායක යන මහත්වරු ඇතුළු ජනාධිපති මාධ්‍ය අංශයේ මාණ්ඩලික නිලධාරීන් මේ සඳහා එක්ව සිටියහ.

 386 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply