“අවම ලංසුව ඉවත දමා කෝටි 89ක පිළිකා ඖෂධ ගෙන්නලා” – යහපාලන සුවපතිලා ගහපු ගැහිල්ලක් එලියට!

පිළිකා රෝගය සඳහා ට්‍රට්සුමැබ් ඖෂධය දේශීයව මිලදී ගැනීමේදී අවම ලංසු ප්‍රතික්ෂේප කිරීම නිසා රුපියල් මිලියන 230.9ක මුදලක් අතිරේක පිරිවැයක් ලෙස රජයට දැරීමට සිදුව ඇති බවට රජයේ ගිණුම් කාරක සභාවේදී පසුගියදා (17) අනාවරණය වී තිබේ.

මේ එන්නත අවස්ථා 14කදී දේශීය වෙළෙඳපොළේ සැපයුම්කරුවකුගෙන් මිලදී ගෙන ඇත.

ප්‍රසම්පාදන කමිටුව විසින් ලබාදෙන ලද අවම ලංසුව ප්‍රතික්ෂේප කරමින්, 2018 – 2019 වකවානුවේදී රුපියල් මිලියන 891ක් වැය කර Herticad නමින් වූ Trastuzumab injection 440mg with solvent in 20ml vials 8,945ක් මිලදී ගෙන ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී පසුගිය 17 දා අනාවරණය විය.

එමෙන්ම වෛද්‍ය සැපයීම් වට්ටෝරු සමාලෝචන කමිටුවේ නිර්දේශයකින් තොරව 2011 වසරේ සිට 2016 වසර දක්වා කාලය තුළදී පිරිවැය රුපියල් මිලියන 10,193ක් වූ වෛද්‍ය සැපයීම් අයිතම 4,619ක් මිලදී ගෙන ඇති බවද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

ලොව බොහෝ රටවල් විසින් පරිභෝජනය කරනු ලබන වෛද්‍ය සැපයීම් අයිතම සංඛ්‍යාව ඉතා අඩු අගයක් ගන්නා නමුත්, දිවයින තුළ 2017 වර්ෂය වන විට වෛද්‍ය සැපයීම් අයිතම 19,844ක් පරිභෝජනය කර තිබුණු බවද මෙහිදී හෙළි විය.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් 17 දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අතර, එහිදී මේ තොරතුරු අනාවරණය විය. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශය විසින් කරනු ලබන වෛද්‍ය සැපයීම්, සැපයීමේ ක්‍රියාවලිය පිළිබඳ 2018 මාර්තු 14 දිනැති විගණකාධිපති විශේෂ විගණන වාර්තාව පිළිබඳ පරීක්ෂා කිරීමට මේ කාරක සභා රැස්වීම පැවැත්විණ.

ලොව බොහෝ රටවල් විසින් පරිභෝජනය කරනු ලබන වෛද්‍ය සැපයීම් අයිතම සංඛ්‍යාව ඉතා අඩු අගයක් ගන්නා නමුත්, දිවයින තුළ 2017 වර්ෂය වන විට වෛද්‍ය සැපයීම් අයිතම 19,844ක් පරිභෝජනය කර තිබුණු බවද මෙහිදී හෙළි විය.

2018 සහ 2019 වර්ෂවල අවස්ථා 14කදී රුපියල් මිලියන 891ක් වැය කර වෙළෙඳ නාමය Herticad නමින් වූ Trastuzumab injection 440mg with solvent in 20ml vials 8,945ක් දේශීය වෙළෙඳපොළේ එක් සැපයුම්කරුවකුගෙන් මිලදී ගෙන තිබුණු බවද කාරක සභාවේදී අනාවරණය විය. මේ ගනුදෙනුවලදී අදාළ ප්‍රසම්පාදන කමිටුව විසින් අවම ලංසු ප්‍රතික්ෂේප කර තිබීම හේතුවෙන් රුපියල් මිලියන 230.9ක් වූ අතිරේක පිරිවැයක් දැරීමට සිදුව තිබේ.

 751 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply