කෙටි පණිවුඩයක් නිසා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායකයා ඉල්ලා අස්වෙයි!

ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ටිම් පෙයින් නායකත්වයෙන් ඉවත් වන බව අද නිවේදනය කළේ  ඔහු නායකත්වයෙන් ඉවත් වන බව නිවේදනය කළේ, තවත් සති දෙකකින් පමණ ආරම්භ වීමට නියමිත අළු බඳුන ටෙස්ට් තරගාවලිය ආසන්නයේ වීම විශේෂත්වයකි.

36 හැවිරිදි ටිම් පෙයින් අද පැවති මාධ්‍ය  හමුවකදී කඳුළු පිරි දෑසින් යුතුව ප්‍රකාශ  කළේ, තමන් 2017 වසරේදී ටස්මේනියා ක්‍රිකට්  සමාජයේ සේවිකාවකට යැවූ කෙටි පණිවුඩ කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති හෙයින් ද තමන් එම චෝදනාව සම්බන්ධයෙන් නිදහස් කර ඇතත්, තමන් අදාළ කාන්තාවට යවන ලද කෙටි පණිවුඩ ප්‍රසිධියේ පළ කිරීමට නියමිතව ඇති හෙයින් තමන් නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කළ බව ය.

ඔහු අදාළ කාන්තාවට යැවූ කෙටි පණිවුඩවල අන්තර්ගතය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැති අතර, ඔස්ට්රේළලියා ක්‍රිකට් වෙබ් අඩවිය එය හඳුන්වා ඇත්තේ, “ලිංගික අදහස් සහිත කෙටි පණිවුඩ සම්බන්ධ සිද්ධියක් ලෙස ය.ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පසුව නායකත්වයට පත් කරන ක්‍රිඩකයා සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර උප නායකත්වය දරන පැට් කමින්ස් නායකත්වයට පත් කරනු ඇතැයි බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත.

 369 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply