ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළට!

ලෝක වෙළඳපොලේ රත්තරන් මිල ඉහළ යාමත් සමග කොළඹ හෙට්ටිවීදිය කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 10000 කට ආසන්න මුදලකින් ඉහළ ගොස් ඇති බව හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

මීට මාසයකට පමණ පෙර කැරට් 24 රත්තරන් පවුමක් 106,800 කට ආසන්න මුදලකට අලෙවි කළ ද අද දින මේ වන විට කැරට් 24 රත්තරන් පවුමක් රුපියල්  118,000 කට ආසන්න මුදලක් දක්වා ඉහළ ගොස් ඇති බව කී හෙට්ටිවීදිය ප්‍රධාන රත්තරන් ව්‍යාපාරිකයෙකු සඳහන් කළේ ඉදිරියේදී තවදුරටත් රත්තරං මිල ඉහළ යා හැකි බවයි.

ලෝක වෙළඳ පොලේ රත්තරන් මිල ඉහළ යාමත් සමග කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 110,000 කට ආසන්න මුදලක් දක්වා ඉහළ ගොස් ඇති බවත්ය.

ලෝක වෙලද පොලේ රත්තරන් අවුන්සයක් ඇමරිකානු ඩොලර් 1863 කට ආසන්න වී ඇති අතර එම මිල ඇමරිකානු ඩොලර් 2000 දක්වා ඉහළ   යාමට ඉඩ ඇති බව විදෙස්  මාධ්‍ය වාර්තා කරයි. 

 324 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply