උතුරේ මහවිරු උළෙලවල් තහනම් කරයි!

මියගිය LTTE සාමාජිකයන් සැමරීම සිදුකරන මහවිරු සතිය තුළ මහවිරු සැමරුම් සිදුකිරීම වළක්වන ලෙසට මුලතිව් කොට්ඨාශයේ පොලිස් ස්ථාන හතකින් තහනම් නියෝග ලබාගෙන තිබෙනවා. ඒ, පුද්ගලයින් 67 දෙනෙකු සම්බන්ධයෙන් බවයි මුලතිව් පොලිසිය පැවසුවේ.

මුලතිව් පොලිස් කොට්ඨාශයේ මුලතිව් මූලස්ථාන පොලිසිය, මුල්ලියාවලෙයි, ඔඩ්ඩුසුඩාන්, මාන්කුලම, පුදුකුඩිඉරිප්පු, අයියන්කුලම සහ මල්ලාවි යන පොලිස්ථාන විසින් එම තහනම් නියෝග ලබාගෙන තිබෙනවා.

එලෙස තහනම් නියෝග ලබාගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, සෙල්වරාජා ගජේන්ද්‍රන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ති ස්කන්ධරාජා, පුදුකුඩිඉරිප්පු හා තුනුක්කායි ප්‍රාදේශීය සභා සභිකයින් පිරිසක් හා සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුලු පිරිසකට එරෙහිවයි.

 948 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply