සපුගස්කන්ද වැසුණත් සේවක වැටුප් සදහා කෝටි 10 ක්!

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු නතර කළද එහි සේවකයින් 1,300 දෙනෙකු සදහා වැටුප් ගෙවීමට සිදුවන බව වාර්තා වනවා එහි ප්‍රකාශකයෙකු පැවසුවේ වැටුප් සදහා මසකට රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් වැය වන බවයි.

තෙල් පිරිපහදුවේ කටයුතු සිදු කෙරෙන්නේ නම් සේවක වැටුප් සදහා ඉන් ලැබෙන ආදායමෙන් කොටසක් වෙන් කෙරෙනවා. කෙසේවෙතත් තෙල් පිරිපහදුවේ කටයුතු නතරවීම හේතුවෙන් රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් අමතරව වියදම් වන බවයි වාර්තා වුණේ.

ඒ අනුව එම තෙල් පිරිපහදුවේ කටයුතු නතරවීම හේතුවෙන් ඉන් ලැබෙන ආදායම නොමැතිවීම සහ සේවක වැටුප් සදහා මුදල් වැයවීම හේතුවෙන් දැඩි අර්බුදයක් නිර්මාණය විය හැකි බවයි එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කළේ.

 251 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply