අනතුරේ දැමුවත් අනූ නවයෙන් බේරුණු ජීවිත!

ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් දුම්රියක් එනු දැක දැක බෙන්තොට දුම්රිය ගේට්ටුව හරහා  ධාවනය කරවීමෙන් සිදුවන්නට ගිය විශාල අනතුරක් අනූ නවයෙන් බේරුණු බව ප්‍රදේශවාසීහු පවසති.

ස්වයංක්‍රීය ක්‍රියාත්මක වු දුම්රිය ගේට්ටු දෙකෙන් එක් ගේට්ටුවක් වැසෙන්නට කලින් පෞද්ගලික බස් රථය දුම්රිය මාර්ගය හරහා ධාවනය කරවීමට කටයුතු කර ඇත. ඒ සමග ප්‍රතිවිරුද්ධ දෙස ඇති දුම්රිය ගේට්ටුව වැසීමත් සමග බස් රථය දුම්රිය මාර්ගය හරහා හිර විය. 

දුම්රිය ගේට්ටුවත් දුම්රිය මාර්ගයත් අතර සෑහෙන දුරක් තිබූ නිසා බසය ඉදිරියට ගන්නවාත් සමග  දුම්රිය එම ස්ථානය පසු කළේය.  දුම්රියත් බස් රථයත් අතර අඩි දෙකක පමණ පරතරයක පැවැතිණි.

මරදාන සිට බෙලියත්ත දක්වා ධාවනයවු සීඝ්‍රගාමි දුම්රිය බෙන්තොට ගාලුපාර හරහා ධාවනය වන ආකාරය සහ පෞද්ගලික බස් රථය වසා තිබුණ දුම්රිය ගේට්ටු සීමාවේ හිරවී නතර කර තිබෙන ආකාරය දැක්වේ .

උපුටා ගැනීම : lankadeepa.lk

 279 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply