කන්දකාඩු යළි පුනරුත්ථාපනයට!

කොවිඩ් රෝගීන් වෙනුවෙන් නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන ගිය වැලිකන්ද කන්දකාඩු ප්‍රධාන පුනරුත්ථාපන මධ්‍යස්ථානය නැවතත් පුනරුත්ථාපන කටයුතු ආරම්භ කර ඇත.

නොවැම්බර් මස මුල සිට නැවතත් මෙහි පුනරුත්ථාපන කටයුතු ආරම්භ කළ බව පුනරුත්ථාපන කොමසාරිස් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි (විශ්‍රාමික) මහතා පවසයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වසර 1 1/2 ක කාලක් පුරා කොවිඩ් 19 රෝගය ආසාදිතයන්ට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන ගිය බවද ඒ මහතා සඳහන් කළේය.

එම කාලය තුළ මෙහි සිදු වු පුනරුත්ථාපන කටයුතු වෙනත් ආයතන වෙත යොමු කළ බවද හෙතෙම කියා සිටියේය.

වරකට 1000 ක පිරිසක් එකවර පුනරුත්ථාපනය කිරීමට පහසුක් ඇති විශාලතම පුනරුත්ථාපන මධ්‍යස්ථානය වු මෙහි නැවතත් පුනරුත්ථාපන කටයුතු සදහා ලබා දෙන ලෙසට අමත්‍යවරයා ඇතුලු බලධාරීන් සමග සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව නැවතත් මෙම මධ්‍යස්ථානය පුනරුත්ථාපන කටයුතු සදහා ලබා දුන් බවද කොමසාරිස්වරයා කියා සිටියේය.

මෙම මධ්‍යස්ථානය තුළ නිරෝධායනය වු ඉතිරි රෝගීන් වෙනත් මධ්‍යස්ථාන වෙත යොමු කළ බවද හෙතෙම කීය.

මෙම ස්ථානයේ පුනරුත්ථාපන ක්‍රියාවලිය තවදුරටත් පුථල් කරමින් 2022 වසරේ දී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු කාන්තාවන් ද මෙම පුනරුත්ථාපනය මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවද පුනරුත්ථාපන කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

 274 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply