“සඳහිරු සෑය” සසුනට පූජා කිරීමේ මහා පිංකම අද අනුරාධපුරයේදී!


අනුරාධපුරයේ ඉදි කෙරුණු සඳහිරු සෑය සසුනට පූජා කිරීම අද පස්වරුවේ සිදු කෙරෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන්. 

30 වසරක කුරිරු යුද්ධයෙන් මාතෘ භූමිය මුදා ගැනීම සඳහා දිවි කැප කළ රණවිරුවන් සිහි කිරීම උදෙසා සඳහිරු සෑය ඉදි කර තිබෙනවා. 

සඳහිරු සෑය ඉදිකිරීම් කටයුතු 2010 වසරේදී ආරම්භ කෙරුණේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. 

උස අඩි 283 කට ආසන්න සඳහිරු සෑයේ සම්පූර්ණ විශ්කම්භය අඩි 255 ක්.

 1,038 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply