අප පසුගියදා කල හෙළිදරව්වට අනුව පාස්කු ප්‍රහාරයේ වගකීම ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කරවමින් අභූත චෝදනා සහිතව නිෂ්පාධනය කල වීඩියෝව අතේ පත්තු වූ අතර කුජිත මාධ්‍ය හෙන්චයියන් එය අතහැර දමා වෙනත් ආකාරයකින් සිය මඩ අවලාද නගන්නට සුදානම් බවට අප වෙත තොරතුරු ලැබෙමින් පවතී.

මැතිවරණය ආසන්න වීමත් සමඟ ප්‍රචාරක කටයතු කරන අවසන් සතියේ ජනතාව මුලා කිරීම සඳහා මෙම වීඩියෝ නිෂ්පාදනය කෙරෙමින් පවතින බව වාර්තා වනවා. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරගෙන තාජුදින් ඝාතනයකිරීම, සුදු වැන් මගින් මිනිසුන් පැහැරගෙන යාම, මාධ්‍ය වේදීන්ට තර්ජනය කිරීම ආදී ලෙස 2015 ජනාධිපතිවරණ සමයේ එල්ල කල චෝදනා යලි එල්ල කරමින් ජනතාව කඳුළු සලන අයුරු මවා පාමින් ප්‍රචාරක පට නිර්මාණය වන බවයි වාර්තා වන්නේ. මේ සඳහා වෙනමම කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂ ප්‍රධානින් විසින් පත්කොට ඇති අතර විශාල මුදල් ප්‍රමාණයක්ද වෙනකොට ඇත.

එජාපය 2015 ප්‍රචාරය කල මඩ ප්‍රචාර සහ පදනම් විරහිත චෝදනා සියල්ල අසත්‍ය බව වසර 5කට ආසන්න කාලයක් තිස්සේ ඔවුන්ම ඔප්පු කොට හමාරය. වසර පහක කාලයක් ආණ්ඩු බලය තමන්ට රිසිසේ මෙහෙයවමින් වෙනමම පොලිස් ඒකක පවා අරලිය ගහ මන්දිරයේ සිට සෘජුව මෙහෙයවමින් රාජපක්ෂලාට එරෙහිව එල්ල කල කිසිදු චෝදනාවක් ඔප්පු කිරීමට නොහැකි විය. එයට හේතුව ඔවුන් එල්ල කල චෝදනා පදනමක් නැති බොරු චෝදනා වීම මෙන්ම එම චෝදනා සිය බංකොලොත් දේශපාලනය පවත්වාගෙන යාමට සිදුකල කූට උපායන් වීමය.

එවැනි පසුබිමක් තුල 2015 තමන් හොඳින්ම රැවටුන බව වෙන කිසිවකුට වඩා ජනතාව තේරුම්ගෙන හමාරය. තවදුරටත් එවැනි පරණ චෝදනා යලි එල්ල කිරීම හරහා ආණ්ඩුව සිය නොහැකියාවම ඔප්පු කරමින් සිටින අතර 2015 තමන් රවටා බලය ලබාගෙන රට සහ ජනතාව අවාසන්වන්ත තත්වයකට අද දැමීම ගැන ජනතාව නිසි පිළිතුරු දීමට නොවැම්බර් 16 වනදා සුදානම්ව සිටින බව වැඩබැරි ආණ්ඩුවේ මඩ ඔස්තාර්ලාට දැනුම් දීමට කැමැත්තෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here