එදා ගෝඨාභය ජනපති නොවුනානම් මෙදා කොහොමට තියෙයිද???

2019 නොවැම්බර් 16 වනදා පැවති ජනාධිපතිවරනයෙන් ඓතිහාසික ජනවරමක් ලබමින් මෙරට 8 වන ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වන්නේ එවක යහපාලන රජය ගෙනගිය දියාරු පාලනයෙන් තව දුරටත් රට අරාජික වනු දැකීමට අකමැතිවූ රටට ආදරේ ජනතාවගේ අපේක්ෂාවන් මල් ඵල ගන්වමිනි.

එදා ව්ජයග්‍රහණයට අදට දෙවසරක් ගතවන තැන එදා ජනතාව පන්නා දැමු බංකොලොත් දේශපාලකයින් ජනාධිපති ගෝඨාභය ඇතුළු රජයට විවිධ චෝදනා එල්ල කරමින් එදා වේල දේශපාලනයක නිරත වන්නේ 2015-2019 කාලයේ ඔවුන් කල කී දෑ ජනතාවට අමතක යයි සිතා විය හැකිය. නමුත් 69 ලක්ෂයක චන්ද පදනමක් ඇතිව සහ තුනෙන් දෙකක බහුතර පාර්ලිමේන්තුවක් සමඟින් ජනපති ගෝඨාභයට රට භාර දෙන්නට මෙරට ජනතාව පෙළ ගැසුනේ එදා යහපාලකයින් මේ රටට කල විනාශය තව දුරටත් ඉවසා සිටිය නොහැකි තැනය.

2015ට පෙර පැවති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය බිඳ හෙලීම සඳහා එක්කාසුවූ විවිධ පිරිස් රටේ නැති බොරු කියමින් ගොබෙල්ස් න්‍යායට අනුව ඔවුන්ගේ මාධ්‍ය ජාල මෙහෙයවමින් රටේ නැති පච වපුරමින් කටයුතු කොට අවසානයේ රාජ්‍ය බලය ලබාගෙන යහපාලන ආණ්ඩුව අටවා ගත්තේය.

රාජපක්ෂ රජය පලවා හරිමම පමණක් අරමුණු කරගත් යහපාලන ආණ්ඩුවේ ලොක්කන්ට බලය ලබාගත් පසු රට පාලනයට කිසිදු සැලසුමක් නොවීය අතේ රෝල් දේශපාලනයේ කප්පිත්තන් වූ ඔවුන්ගේ රට පාලනය කිරීමේ ප්‍රතිපත්තිය දිනෙන් දින වෙනස් වන්නට විය පාලනයේ සිටි වසර 5කට ආසන්න කාලයතුල විශාල වැඩපිළිවෙලවල් ප්‍රමාණයක් උත්සව තබමින් ආරම්භ කල මුත් ඒවා මාධ්‍ය සංදර්ශන වලට පමණක් සීමා විය.

ඔවුන් හොඳටම කලේ රටේ රණ විරුවන් ජාත්‍යන්තරය ඉදිරියේ පාවා දෙමින් රටේ ස්වෛරී භාවට ජාත්‍යන්තරයට පාවා දෙමින් ජාත්‍යන්තර දිනු බවට පම්පෝරි ගසමින් ලෝකය පුරා සංචාරය කිරීමය. එමෙන්ම රටේ ජාතික සම්පත් විකුණා දමමින් හා බලවත් විදේශ රාජ්‍යයන් වෙත මෙරටට ඇතුළු වීමට අවකාශ සලසමින් MCC වැනි ගිවිසුම් අත්සන් කරමින් රට ජාත්‍යන්තරයට විකුණා දැමීමය.

බලය ගත් හැටියේම මහ බැංකුව මහදවල් කොල්ල කන්නට පාර කැපු යහපාලකයෝ එතැන් පටන් රටේ ජාතික ධනය කොල්ල කමින් සිය අනාගතය සරු කරගන්න ගේම් ගැසුවේ ඔවුන් පත්කළ ජනතාව අමතක කරමිනි රටේ ජනාධිපති අගමැතිගේ සිට පහල මන්ත්‍රීවරයා දක්වාම දේශපාලනය වෙනුවෙන් කුලල් කා ගනිමින් දේශපාලනය කල අතර ජනතාව අමතක කරමින් සිය ඩීල් දේශපාලනය ඉදිරියටම ගෙන ගියෝය.

දිනෙන් දින රට අරාජිකත්වයට පත් වූ අතර අවසානයේ ජාතිවාදය අන්තවාදය ඔඩු දුවමින් ඊනියා සංහිඳියාවේ නිරුවත ලොවටම පෙන්වමින් ජාතිවාදී අන්තවාදී මතවාද බුර බුරා නැගෙන්නට විය. අවසානයේ පාස්කු ඉරිදා අවාසනාවන්ත ත්‍රස්ත ප්‍රහාරයටද පාර කැපුනේ රටේ ජාතික ආරක්ෂාව බින්දුවට දමමින් ජරා දේශපාලනයම පමණක් සිදු කිරීම හේතුවෙනි.

මවන් කරුණු කාරනා රාශියක් හේතුවෙන් යහපාලනය රටේ ජනතාවට තිත්ත වී තිබු වකවානුවක ගෝඨාභය රාජපක්ෂ මහතා රට ගොඩගන්නට ඉදිරියට පැමිණි අතර යහපාලනය රටට කල හානිය නවතා දමමින් රට සෞභාග්‍යය වෙත ගෙනයාමේ වගකීම ඓතිහාසික ජනවරමකින් ඔහුට බාරවිය.

2019 වසර අවසානයේ බලය ලබාගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට 2020 වසරේ මුල් භාගය වනවිට ලෝක ව්‍යාප්ත වසංගතයක් සමඟ අපේ රටේ ජනතාව බේරා ගන්නට කොරෝනා සමඟ පොර බදන්නට සිදු වුයේ අනෙක් සියලු කරුණු කරනා පසෙක ලා  ප්‍රමුඛතාවය කොරෝනා මර්ධනයට යොදමින්ය. 2021 නොවැම්බර් වන මේ වනවිටත් කොරෝනා ලෝක වසංගතය අවසන් නැත.

කොරෝනා වසංගතය මධ්‍යයේ පවා රටේ සංවර්ධන කටයුතු සිදුවෙමින් ඇත පාරවල්, පාලම්, කර්මාන්ත, බලශක්ති ආදී ව්‍යාපෘති ක්‍රියාත්මකය, කොරෝනා කොරෝනා කියමින් ඒවා නවත්ත්වා නැති නමුත් කොරෝනා මර්ධනයට සියලු පියවර ගනිමින් ඇත. ආසියාවේ වැඩිම එන්නත්කරණය හිමි රටවල් අතර ඉහලම ඇත්තේ අපේ රට වන අතර ජනාධිපතිවරයා ඒ සියලු කාරනා වලට උපදේශකත්වය සපයමින් රටේ ජනතාව බේරා ගැනීමේ වගකීම ඔහු දරමින් ඇත.

එදා ගෝඨාභය ජනාධිපති නොවී යහපාලකයින් සිටියානම් අද මේ තත්වයට කෙසේනම් මුහුණ දෙනු ඇතිද?
ඔවුන් සිය ඩීල් දේශපාලනය කරමින් එකිනෙකාට ඇඟිල්ල දිගු කරමින් “මේක ලෝක වසංගතයක්… අපි මොනවා කරන්නද” කියමින් මාධ්‍ය හමු තියමින් සිනා සෙනු ඇත පාස්කු ප්‍රහාරයෙන් පසුව ඔවුන් හැසිරුණු හැටි අපට හොඳින් මතකය…

එවන් රජයක් අද තිබුණානම් කොහොමට තියෙයිද?මොහොතක් සිතන්න…

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පලවන ප්‍රචාර කිහිපයක් පහතින්…

 577 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply