”ඉන්ධන හිඟයක් නැහැ: පෝලිම් ගැහෙන්න එපා” – ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති!

රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ‘මව්බිම’ට පැවසීය.

එම නිසා අනවශ්‍ය ලෙස තෙල් පෝලිම්වලට නොයන ලෙස ද ඔහු කියා සිටී.

“මෙරට පෙට්‍රල් සහ ඩීසල් අවශ්‍යතාවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් පෙට්‍රල් සියයට 15ක් ද ඩීසල් සියයට 30ක් ද සපුරාගත්තා. සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම නිසා රටට අවශ්‍ය ඉන්ධන නොමැති වන බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැහැ.”

රටට අවශ්‍ය කරන ඉන්ධන තොග බාධාවකින් තොරව ඇණවුම් කොට ලබා දීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර ඇතැයි ද සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ය.

 372 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply