බිරිඳ සමග එකතු වී පොලිස් පොඩ්ඩන් සූරා කෑ පොලිස් ලොක්කාට වෙච්ච දේ!

බණ්ඩාරවෙල භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වහා ම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත ස්ථාන මාරු කර තිබේ.

පොලිස්පතිවරයාගේ නියෝගයක් මත මෙම ස්ථාන මාරු කිරීම සිදු කර ඇත.

අදාළ පොලිස් අධිකාරීවරයා සහ ඔහුගේ බිරිඳ විසින් බණ්ඩාරවෙල පොලිසියේ නිලධාරීන්ට සිදු කරනු ලැබූ බලපෑම් සහ සූරා කෑම් පිළිබඳව පසුගිය දා මාධ්‍ය මගින් ආනාවරණය කර තිබිණි.

ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබ තිබූ අතර පසුව අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ස්ථාන මාරු කර ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ, අදාළ පොලිස් අධිකාරීවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ පුද්ගලික සහකාරවරයා වශයෙන් ස්ථාන මරු කර යවා ඇති බව ය.

බණ්ඩාරවෙල පොලිස් බල ප්‍රදේශයේ පොලිස් ස්ථාන 10කට ආසන්න සංඛ්‍යාවක් මෙම පොලිස් අධිකාරීවරයා යටතේ පවතින බව අප වාර්තාකරු පැවසී ය.

ඔහු තම බල ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු තමන් හා සම්බන්ධ පොලිස් නිලධාරීන්ගේ දුරකතන අංක තම බිරිඳගේ ජංගම දුරකතනයට ඇතුළත් කර ඇති අතර බිරිඳ විසින් ගම් කුකුල් මස්, බණ්ඩාරවෙල අල, උසස් තත්ත්වයේ පවතින එළවළු සහ නිවසට අවශ්‍ය කරන ද්‍රව්‍ය, ස්ථානාධිපතිවරුන්ට දුරකතනයෙන් අමතමින් රැගෙන එන ලෙසට නියෝග කරනු ලැබ තිබේ.

ඒ අනුව, ඉන් සිත් තැවුලට පත් බණ්ඩාරවෙල පොලිස් නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත හෙළි කරනු ලැබ ඇත.

මේ අතර, පුද්ගලයෙකුට පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සබරගමු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා ද පසුගිය දා වෛද්‍ය සේවා සහ සුබසාධන අංශය වෙත මාරු කර යවා තිබිණි.

රත්නපුර – කිරිඇල්ල මාර්ගයේදී, රිය අනතුරකට සම්බන්ධ සිදුවීමකට මැදිහත් වූ අවස්ථාවේදී අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කලබලකාරී ලෙස හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගිය දා සමාජ මාධ්‍යවල සංසරණය විය.

 304 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply