මැතිව්ස්, චන්දිමාල්, කුසල් ඇතුළු ජ්‍යෙෂ්ටයන් LPL තරගාවලියට උඩින් පාත් වෙයි!

2021 ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා කණ්ඩායම් තෝරා ගැනීම පසුගියදා පැවැත්විණි. එහිදී ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් කිහිප දෙනෙකු කිසිදු කණ්ඩායමකට ඇතුළත් නොවූ අතර මේ නිසා ක්‍රීඩක තෝරා ගැනීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල විය.

ලෝක කුසලාන 20/20 තරගාවලිය සඳහාද සහබාගි වූ දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත්, ධනන්ජය ද සිල්වා, අකිල ධනන්ජය වැනි ක්‍රීඩකයන් මෙන්ම ඇන්ජලෝ මැතිව්ස් කිසිදු කණ්ඩායමකට තෝරා නොගෙන පසුගිය වසර කිහිපය පුරා ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් නොවූ ක්‍රීඩකයන් සඳහා අවස්ථාව ලබා දීම බොහෝ දෙනෙකුට ගැටලුවක් විය.

මතු වූ තත්වය මත එක් කණ්ඩායමකට තෝරා ගත හැකි උපරිම ක්‍රීඩකයන් සංඛ්‍යාව 20 සිට 22 දක්වා ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව තවත් ක්‍රීඩකයන් 10 දෙනෙකුට තරගාවලියට එක්වීමට අවස්ථාව හිමි වේ.

 1,901 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply