පොරොන්දුව ඉටු කිරීම ගැන ස්තූතියි – ඒත් අරගලය අවසන් නැහැ!

ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට අයවැයෙන් විසඳුම් ලැබීම ගැන මුදල් ඇමතිවරයාට සහ ආණ්ඩුවට ස්තූතිය පළකරන අතර මෙය අවසන් ජයග්‍රහණය ලෙස සැලකිය යුතු නැති බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ මුදල් අමාත්‍යවරයා විසින් 2022 අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමිනි.

මෙලෙස ඉවත් වන්නේ වැටුප් විෂමතාවයෙන් තුනෙන් එකක කොටසක් වන හෙයින් ඉතිරි තුනෙන් දෙක දිනාගැනීමේ අරගලයක් ඉතිරිව ඇති බවයි ජයසිංහ මහතා සඳහන් කරන්නේ.

මෙලෙස වැටුප් විෂමතාවයෙන් කොටසක් විසඳීමට බලකෙරුණේ සිය අරගලය නිවැරදි දිශාවට මෙහෙය වුණු හේතුවෙන් බවද ඔහු කියාසිටියි.

ඉදිරියේදී මේ සඳහා චක්‍රලේඛ නිකුත් කරව ගැනීම වෙනුවෙන් ද ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ලෙස මැදිහත්වන බවයි හෙතෙම ප්‍රකාශ කරන්නේ.

 1,358 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply