යූරියා ගෙන්වන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක්!

යූරියා ගෙන්වීමට තමා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් කරන බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

අද වකුගඩු රෝගීන්ද රසායන පොහොර ඉල්ලා උද්ඝෝෂණයේ යෙදී සිටින බවද ඒ ඇයි දැයි තමාට ප්‍රහේලිකාවක් බවද හෙතෙම සඳහන් කළේය.

පොස්පරස් පොටැසියම් මේ රටේ තිබුණද නයිට්‍රජන්වල ප්‍රශ්නයක් තිබෙන බව පැවසූ චන්ද්‍රසේන මහතා ලබන වසර සඳහා යූරියා සියයට 50ක් ගෙන්වා 2023වර්ෂයේ දී එය සියයට 25ක් දක්වා අඩු කරගෙන ඊට පසු කාබනික පොහොර වැඩපිළිවෙළට යා හැකි බවද පැවසුවේය.

ජනාධිපතිවරයා කාබනික පොහොර තීරණය ගත්තේ සද්භාවයෙන් බවද වකුගඩු රෝගීන් ගැන සිතා ඔහු මෙම තීරණය ගෙන සියලු දෙනාගේ සහයෝගය ඉල්ලා සිටි බවද ඇමතිවරයා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධාන) (සංශෝධන) පනත් කෙටුම්පත, සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස පනත් කෙටුම්පත, ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ පනත යටතේ නියෝගය, ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.

 325 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply