චමරි ඔස්ට්‍රේලියාව දෙවනත් කරයි!

මේ දිනවල ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන කාන්තා බිග් බෑෂ් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ඊයේ (නොවැ. 11) පැවති තරගයකදී ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු පිත්තෙන් සුපිරි දස්කම් දැක්වීමට සමත්ව තිබේ.

ඒ අනුව, එම තරගාවලියේ 41 වන තරගය ලෙස පර්ත් ස්කෝචස් පිල සහ සිඩ්නි තන්ඩර්ස් අතර තරගයේදී චමරි මෙලෙස පිත්තෙන් දස්කම් දක්වා තිබිණි. 

මෙහිදී පර්ත් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 2කට ලකුණු 184ක් රැස්කරගෙන තිබිණි. පිළිතුරු ඉනිම දියත් කළ සිඩ්නි පිල තරගය අතහැර දමන අවස්ථාව වන විට එක් කඩුල්ලකට ලකුණු 21ක් ලබා සිටියේ ය. 

පර්ත් කණ්ඩායමේ අංක 4 පිතිකාරිනිය ලෙස පිටියට පිවිසි චමරි අතපත්තු පන්දු 42කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 70ක් රැස්කර ගෙන තිබීම කැපී පෙනිණි.

 521 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply